corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මෙම ආසාදිතයන් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05ක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, නුවරඑළිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයෙන් 03ක්, රාගල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 04ක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ බාහිර රෝගි අංශයෙන් 08ක්, බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, හගුරන්කෙත සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 14ක්, නව තිස්පනේ සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 06ක් වශයෙන් ආසාදිතයන් හමුව ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 15ක් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

පවතින කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් හැටන් නගරයේ පදික වෙලදාම් නතර කිරිමට හැටන් මුලස්ථාන පොලිසිය මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ පවතින කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා මෙම පදික වෙලදාම් ඉවත් කිරිමට පියවර ගත් බවත්ය.

සමහර පදික වෙලදුන් නිසි සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් කටයුතු කරන බවට තොරතුරු ලැබෙන බවත් මෙම පදික වෙලදාම් හේතුවෙන් සමහර අවස්ථාවලදි පදිකයන් විවිධ අපහසුතාවයන්ට පත්වන බවත් මෙම සියලු කරුනු කෙරෙහි අවදානය යොමු කර නගරයේ සියලුම පදික වෙලදාම් නතර කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05 වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුව ඇති බව බගවනතලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම කොවිඩ් ආසාදිතයන් බගවන්තලාව ටිරලි හා ශා/ජෝන් ඩිලරි යන වතුවලින් හමුව ඇති බවත්ය.

එසේ හමුවු ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දක්වා රැගෙන යාමට කටයුතු කරන බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories