නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 11වන දින ලද වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 184 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 2378 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම කොවිඩ් ආසාදිතයන් අඹගමුව ,මස්කෙළිය , කොටගල , බගවන්තලාව , ලිදුල රාගල, කොත්මලේ , නුවරඑළිය, මතුරට, වලපනේ, හගුරන්කෙත, යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 760 දෙනකු අප්‍රේල් මස 22 සිට මැයි 11 දක්වා වාර්ථාවි ඇති බවත්ය.
මෙම ආසාදිතයන් ගනන 11 වන දින සවස් වන විට ලැබි ඇති වාර්ථා මත පදනම්ව ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවත් පි. සි. ආර්. වාර්ථා ලැබිමට නියමිත බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් මරණ 02ක් වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් මරණ ගනන 17 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
තලවාකැලේ ශා/ කේලේයාර් වතුයායේ පිරිමි පුද්ගලයකු කොවිඩ් ආසාදනය විමෙන් මිය ගොස් ඇති බව කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම පුද්ගලයා රෝගි තත්වයෙන් නුවරඑළිය මුලීක රෝහලට ඇතුලත් කර ඇති බවත් එහිදි මෙම පුද්ගලයාට කොවිඩ් ආසාදනය විමෙන් 11 වන දින එම රෝහලේදි මිය ගොස් ඇති බවත්ය.
කොවිඩ් ආසාදනය විමෙන් මෙම පුද්ගලයා මිය යාමත් සමග එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
කොවිඩ් වසංගත තත්වයන් හමුවේ හැටන් ප්‍රදේශයේ සමහර වෙලදුන් බඩු මිල ඉහල දැමිමත් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසති.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එවන් තත්වයන් මත මෙසේ බඩු මිල ඉහල යාම තුලින් තමන් තවත් දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.
හැටන් සමහර වෙලදුන් එලවලු, පොල්, හාල්, පොල්තෙල්, බිත්තර, වැනි ද්‍රව්‍යවල මිල මෙසේ ඉහල දමා ඇති බවත් මෙම තත්වයන් මත තමන් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.
කොවිඩ් වැනි වසංගත තත්වයකින් ජනතාව ප්‍රිඩාවන්ට ලක්වන මෙවන් අවස්ථාවලදි තම මඩිය තර කර ගැනිමට උත්සහා දරණ මෙකි වෙලදුන් ප්‍රදේශයේ ජනතාව තවත් ප්‍රිඩාවන්ට ලක් කිරිම කනගාටුවට කරුනක් බවද එම පිරිස් තව දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්