නොර්වුඩ් පොලිස් වශමට අයත් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනකු අතුරුදහන් විමක් පිලිබදව නොර්වුඩ් පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුන් හතර දෙනකු 04වන දින උදැසන 7.20ට පමන නිවසින් පිටව ගියද නැවත නිවසට නොපැනි බවට එම සිසුවකුගේ පියකු විසින් 04වන දින සවස 4.30ට පමන නොර්වුඩ් පොලිසියට පැමිනිලි කර ඇති බවත්ය.
රාජ්කුමාර් අනුෂන්, දනන්ජය ගජරුබන්, සුබ්රමණියම් දනිෂ්ක, කාර්දිබන් නියෝන් යන මෙම පාසල් සිසුන් එම වතුයායේ පාසලක 10වන වසරේ ඉගෙනුම ලබන බවත් මෙම සිසුන් උදැසන නිවසින් පිටව ගියද සවස් වන තෙක් නිවසට නොපැනි බවට රාජ්කුමාර් අනුෂන් යන අයගේ පියා පැමිනිලි කල බවද ඔහු පැවසිය.
එම පැමිනිල්ල මත මෙම සිසුන් සෙවිම සදහා නොර්වුඩ් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්