බදු හඳුනාගැනීමේ අංකයක් (TIN Number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවත්, වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12කට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

එමෙන්ම ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

බදු හඳුනාගැනීමේ අංකයක් ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

More Stories