බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 70 වැනි ඇසල පුණ්‍යෝත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රථමයෙන් පවත්වනු ලබන  කප් සිටුවීමේ මංගල්‍යය චාරිත්‍රය (12) වන දින සන්ධ්‍යාවේදී විහාරස්ථානයේ සතර මහ දේවාල භාර ප්‍රධාන කපු මහතා වන සමරසේන පෙරේරා මහතාගේ සහ විෂ්ණු, විභීෂණ, සමන්, කතරගම දේවාල යන්හි කපු මහතුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි.
විහාර මාවතේ ගෙවත්තක තනන ලද අලංකාරවත් මල් පහන් යහනක තැන්පත් කරන ලද කප්රුක රැගත් පෙරහැර විහාර මාවත ඔස්සේ පැමිණ විහාරස්ථානයේ නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථාන භූමියට පිවිස පුධාන දේවාල පරිශ්‍රයට පැමිණ ඉපැරණි චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමේන් අනතුරුව බෝමලුව අභියසදී කප්රුක සිටුවීම සිදුකරනු ලැබිණි.
 මෙවර පෙරහැර අඩු ජන සහභාගීත්වයකින් සිදු කරන බැවින් මෙම අවස්ථාවට විහාරස්ථානයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සහ දේවාලයන්හි තේවාවන් සිදු කරන කපු මහතුන් පමණක් සහභාගී වී සිටින ආකාරය දැක ගන්නට ලැබිණි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories