මැදිරිගිරිය, නව නගරය, 98- ඇටඹ ඔය ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක්  ඊයේ ( 23)  පෙරවරුවේ මත් රකුසාගෙන් තම ගම්මානය බේරා දෙන ලෙස බල කරමින්  විරෝධතාවයක නිරත වූහ.

හොර මත් පැන් ඇතුළු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගම්මානය පුරා ඉතා සංවිධානාත්මකව මත් ද්‍රව්‍ය  බෙදාහරින බවත් තම   දරු දැරියන්ගේ අනාගත ජීවිතය එය බරපතල තර්ජනයක් බවත් විරෝධතාකරුවෝ පවසති.

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබදව පොලිසියට තොරතුරු දුන්නත් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එසැනින් එම තොරතුරු ලබා දුන් අය ගැන දැනගන්නට ලැබෙන බවත් මේ නිසා ඉකුත් සතියේ එසේ තොරතුරු දුන් පුද්ගලයෙකුට මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පහරකෑමට ලක් වීමට සිදු වූ බවත් විරෝධතාකරුවෝ පවසති.

මැදිරිගිරියේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය මීට වඩා යොමු කළ යුතු බව ද  ඔවුහු ඉල්ලා  සිටියහ.

මෙම විරෝධතාවට ළමයින් වැඩි පිරිසක් සහභාගී වීමද විශේෂිත ය. මෙම විරෝධතාව සදහා විරෝධතාකරුවන් 100ක් පමණ සහභාගී වූ අතර පැය දෙකක පමණ කාලයක් විරෝධතා දැක්වීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊසා මුදියන්සේ – පොලොන්නරුව

More Stories