මෑතකදී ජනාධීපති සමාව යටතේ නිදහස් කරන ලද මිරුසවිල් සමූහ ඝාතනයේ වැරදිකරුට ජනාධීපති සමාව ලබාදීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු ක්‍රමවේදයට අදාළ සියලු ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපති ලේකමවරයාගෙන් ඉල්ලා ඇත.

එු අනුව ජනාධීපති සමාව දීමේ දී ලබා ගත යුුතු නඩුව විභාග කල විනිසුරුවරයාගේ වාර්තාව, නීතිපතිවරයාගේ උපදෙස් හා අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ප්‍රසිද්ධියට පත් කරන මෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති ලේකම්වරයා මෙම ලේඛන ලබා දී මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍ය භාවය පෙන්නුම් කිරීමට අපොහොසත් වුවහොත් විධායකය හා අධිකරණය අතර බලය බෙදීමේ ප්‍රතිපත්තියට සුව කල නොහැකි හානියක් සිදු වනු ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

More Stories