ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසියේදී සිය ආරම්භක දේශනය සිදු කරමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කර ඇත.
ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.
‘‘ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මුස්ලිම් සුළුතරයේ සාමාජිකයන් ඉලක්ක කර ඇත්තේ කොවිඩ් 19 සමග සම්බන්ධ කරන අපකීර්තිමත් සහ වෛරී ප්‍රකාශවලිනි. එසේම කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි අනුමාන කරන පුද්ගලයන්ට එරෙහි අපකීර්තිමත් ප්‍රකාශ මෙන්ම තර්ජනය කිරීම්ද දැක ගත හැකිය.’’
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක මානව හිමිකම් උල්ලංඝනය වීම් රැසක් පිළිබඳ වාර්තා වන බවද මහකොමසාරිස්වරිය සඳහන් කර ඇත.