සමහර පිරිස් මුඛ ආවරණ නොමැතිව කටයුතු කිරිමත් සමග  කොවිඩ් වසංගතය වර්ධනයවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ  සමහර වෙලදුන්, සමහර නගර වැසියන් මෙන්ම සමහර බස් කොන්දොස්තරවරුන් මෙසේ මුඛ ආවරණ නොමැතිව කටයුතු කිරිමත් සමග මෙම කොවිඩ් වසංගත වර්ධනවිමේ අවදානමක් පවතින බවත්ය.

මේ වන විටද හැටන් නගරයේ පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු එම පවුලේ පස් දෙනකු හා තවත් පාසල් ගුරුවරියක් කොවිඩ් ආසාදිතයන් බවට පත් විමෙන් පාසල් තුනක සිසුන් සියයකට අධික පිරිසක් හා ගුරුවරුන් දස දෙනකු පමන ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවත් එවන් තත්වයන් තුල මෙම පිරිස් මෙසේ සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් කටයුතු කිරිම කොව්ඩ් වසංගතයට අත වැනිමක් බවත්ය.

හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින්හා හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලගි පදින ලෙස කොතෙක් දැනුවත් කල එම උපදෙස් මායිම් නොකර චන්ඩින් මෙන් මෙසේ සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කල යුතු බවද ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසත.

ලංකාවේ වෙනත් ප්‍රදේශවල සෞඛ්‍ය උපදෙස්වලට එරෙහිව කටයුතු කරන විවිධ පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කලද හැටන් නගරයේ එසේ මෙවන් අයට එරෙහිව නිතිය ක්‍රියාත්මකකිරිමට අදාල නිලධාරින් කටයුතු නොකිරිම දැඩි ගැටලුවක් බවත් මෙම තත්වයන් තුලින් හැටන් නගරයේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වුවහෝත් එහි පුර්ණ වගකිම ආදල නිලධාරින් බාර ගත යුතු බවද එම ජනතාව තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories