රේටින්ග්ස් ආයතන නැත්නම් ශ්‍රේණිගත කිරීමේ ආයතන කියලා කියන්නේ කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව ගැන තක්සේරුවක් ඉදිරිපත් කරන ආයතනවලට. කෙනෙකුගේ ණය ගෙවීමේ හැකියාව තීරණය වෙන්නේ කලින් සිදු කරපු මූල්‍ය ගනුදෙනුවල ස්වභාවය අනුවයි. උදාහරණයක් විදිහට රුපියල් 1000 ආදායමක් තියෙන කෙනෙක් රුපියල් 1000ට වඩා වියදම් කරනවා නම් එයාට ණය ගන්න වෙනවා තමන්ගේ අනෙක් වියදම් පියවා ගන්න. ඒ වගේ කෙනෙක්ට ණය ගෙවා ගන්නත් බැරි වෙලා ආයෙ ආයෙත් ණය ගන්න වෙන්නත් පුළුවන්. ඉතිං ඔය වගේ කෙනෙක්ගේ ණය ගෙවීමේ හැකියාව සතුටුදායක නෑ කියලා කියන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ණයක් දෙන්න කලින් කෙනෙක් දෙපාරක්වත් හිතනවා. අන්න ඒ වගේ රටක ණය ගෙවීමේ හැකියාව මනින්න තක්සේරු කරන්න තමයි මේ කියන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තියෙන්නේ. ෆිච් රේටින්ස් කියන්නේත් ඒ වගේ ආයතනයක්. මීට අමතරව මූඩීස් (Moody’s Investors Services Inc) සහ (Standard & Poor’s) වගේ තවත් ආයතන තියෙනවා.
ණය ශ්‍රේණිගත කිරීමකින් ශ්‍රී ලංකාව පහත වැටෙන වෙලාවේ ෆිච් රේටින්ග්ස් ආයතනය කියන්නේ ලංකාව ණය වෙළදපල තුල ෆේල් කියලා එහෙම වෙන්න හේතුව අපේ ණය වෙළදපල විතරක් නෙමේ සාමාන්‍ය වෙළදපලත් ෆේල්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෑතකදි, ලංකාවට දෙවනි වාරිකය දෙනවාද කියලා තීරණය ගන්න කරපු සාකච්ඡාවකදීත්, ලංකාව කොයිතරම් ගැළපුම් ඇති කර ගෙන තිබුණත් ආර්ථිකය සංකෝචනය වෙලා 2023 දෙවනි කාර්තුවේදී දළ ජාතික නිෂ්පාදිතය 3.1% වගේ කුඩා අගයක තියෙන්නේ කියලා අවධාරණය කරලා තියෙනවා. ඒ කියන්නේ තාමත් ලංකාවේ ජාතික නිෂ්පාදිතය අඩු නිසා ඉපයුම් අඩුයි. ඒ නිසා ණය ගෙවීමේ හැකියාව අඩුයි. මේ නිසා තාමත් ලංකාව ඉන්නේ අසීරු තත්ත්වයක.
පහත වැටිලා තිබුණ ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම ‘RD’ ඉඳලා ‘CCC-‘ දක්වා ඉහල යන්න හේතු වුණේ මොකක්ද? ඒකට ප්‍රධානතම හේතුව තමයි 2023 ජූලි මාසයේදී දියත් කරපු ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (domestic debt optimisation -DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම. ඒකට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ නව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් සඳහා තාවකාලික අත්තිකාරම් අයත් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා IMF හි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇති ඉලක්කවලට අනුකූලව මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ දළ මූල්‍ය අවශ්‍යතා අඩුවීමත් කාලයත් යද්දි රටේ ණය ප්‍රමිතික වැඩිදියුණු කිරීමට ඒ මඟින් සහයකුත් ලැබෙනු ඇති කියලා ෆිච් ආයතනය බලාපොරොත්තු වෙයි.