jayani

”මේ ගෙවෙන ජුලිය ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ ලේ වලින් කලු පැල්ලම් වලින්. නැවත එවැනි මෙහොතක් ඉතිහාසයට එක් නොකිරීම වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ පෙළගැසෙනු ඇතැයි ” මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසයි.

”ඒ නිසා මේ රටේ දහස් ගණනක් උතුරේත් දකුණේත් නැගෙනහිරත් වින්දත ප්‍රජාව විසින් ඉල්ලා සිටින යුක්තිය තහවුරු කර ගැනීම පිළිබඳ කාරණය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ හැටියට අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.” යයි ද ඇය කියා සිටියි.

සමාජ ක්‍රියාකාරිනියක වන ජයනි, එම කාරණය සඳහන් කර සිටියේ, කොළඹ ඩාලි පාරේ ‘ෆ්‍රීඩම් හබ්’ (Freedom Hub) හි) පැවති ‘සැබෑ දේශප්‍රේමියෝ’ මාධ්‍ය හමුව අමතමිනි.

යුද සමයෙත් යුද්ධයෙන් අනතුරුවත් සිදුව ඇති මානව හිමිකම් අපයෝජනයන් සහ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සිදුවීම් අරඹයා වගවීම තහවුරු කිරීමට මේ රටේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් සමත් වුයේ නැතැයි ද ඇය එහිදී කියා සිටියාය.

”2015 යහපාලන රජය යටතේ වගවීම් තහවුරු කිරීම වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් ගත්තද මංගල ද එහි ප්‍රධාන කොටස්කරුවෙකු වුවද එම ක්‍රියාදාමය තාර්කික අවසානයක් දක්වා ගෙන යන්න එම රජය ද අසමත් වුනා. ඒ නිසාම යුද්ධයෙන් දශකයකට වැඩි කාලයක් තිස්සේ උතුරේත් දකුණේත් නැගෙනහිරත් වින්දතයින්ට යුක්තිය පිළිබඳ ඉල්ලීම් රැගෙන වරින් වර මහමඟට පැමිණීමට සිදුව තිබෙනවා.” යයි ඇය තව දුරටත් පැවසුවාය.

More Stories