ජාතික මැතිවරණ කොමිසමේ සමාජික රත්නජිවන් හුල් මහතා යම් ප්‍රකාශයක් කල බවට මේ දිනවල මතයක් පවතිනවා මෙයින් සමහර අය ජාතිවාදි ප්‍රශ්නයක් ඇති කරන්නයි උත්සහා කරන්නේ .

නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක පෙරිරියසාමි ප්‍රදිපන් මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු ප්‍රදිපන් මහතා මෙම තත්වයන් තුලින් ඉදිරි පාර්ලීමේන්තු මැතිවරණයේදි අපිට ලැබෙන්න තියෙන සුලු ජාතික ඡන්ද නැතිවෙයි කියා අපිට සැකයක් පවතිනවා.

නිදහස් රට තුල හැම දෙනාටම තම දේශපාලන අදහස් දක්වන්න පුලුවන් එමෙන්ම රත්නජිවන් හුල් මහතාද තම දේශපාලන මතය ඉදිරිපත් කලා ඒ තුලින් එම කතාව අල්ලාගෙන යම් පිරිසක් ජාති වාදය ඇති කරන්න උත්සහා කරන බවයි අපිට පෙනෙන්නේ.

එම කණ්ඩායම මැතිවරණ කොමිසම තුල යම් ගැටුමක් ඇති කිරිමටත් උත්සහා කරනවා රත්නජිවන් හුල් මහතා යම් ප්‍රකාශයක් කලා නම් එය ඔහුගේ මතයයි මේ තුලින් ජාතාවාදි ප්‍රශ්න ඇතිකරන්න උත්සහා කරනවානම් එය වැරදියි.

මෙම ප්‍රශ්නය තුලින් යම් පිරිසක් ජාති වාදයක් ඇති කිරිමට මැතිවරණ කොමිමස ඉදඋද්ගෝෂනයක් පැවැත්වු බව අපි දන්නවාමේ පිරිස පසු ගිය කාලය තුලත් ජාතිවාදය ඇති කිරිමට උත්සහා කල පිරිසක් බව අපි දන්නවා.

පසුගිය කාලයේ මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් ශ්‍රිපාදයේ දෙමල භාෂාවෙන් ලියු බෝඩ් එකක් අල්ලාගෙනත් මේ අය ජාතිවාදය ඇති කිරිමට උත්සහා කලා ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට තුල ජාතිවාදයෙන් තොරව කටයුතු කිරිමට උත්සහා කරන විට යම් පිරිස් මෙසේ ජාතිවාදය ඇති කිරිමට පියවර ගැනිම හෙලා දැකිය යුතුයි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories