මෙවර ජනාධිපති මැතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සදහා මේ වන විට වතුකරයේ ජනතාව ඒකරාශීවි සිටින බව ආගරපතන එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය නිමිති කර ගෙන ඩයගම ප්‍රදේශයේදි අත් පත්‍රිකා බේදා දිමේ වැඩ සටහනකට එක් වෙමින් මේ බව පැවසු කල්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ රට අගාදයට වැටි තිබු අවස්ථාවේදි සමහර නායකයන් පැනලා දුවද්දි රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගෙන අවුරුදු දෙකක කාලයක් තුලදි මේ රට යම් තත්වයකට ගෙන ආවා එය අද මේ වතුකරයේ ජනතාවද හොදින් දන්නා දෙයක්.
එම තත්වයන් මත මේ රටේ සංවර්ධනය සදහා මේ රටේ පාලනය ඉදිරි වසර පහකටත් රනිල් වික්‍රමසිංහ මහතාට බාර දිමට පියවර ගත යුතුයි එසේ නොවුනහෝත් මේ රට නැවතත් අගාතයකට පත් වෙනවා එවිට නැවත ගෑස් පෝලිම් තෙල් පොලිම් කිරි පිටි පෝලිම් ඇති වෙයි එම නිසා මෙවර ගෑස් සිලින්ඩරය දිනවිමට අපි සියළුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි.
අද මේ රට පාලනය කරන්න බලය ඉල්ල අය මෙයට වසර දෙකකට පමන පෙරදි රටේ අර්බුදයක් පවතින විට එදා හිටපු ජනාධිපති මේ රට බාර ගන්න කියන විට එය බාර නොගෙන පැනලා ගියා දැන් එමෙහ පැනලා ගිහිපු අය වීරයෝ වගේ රට පාලනය කරන්න මේ ජනතාවගෙන් බලය ඉල්ලනවා.
මෙම අත් පත්‍රිකා බේදා දිමට පෙර ඩයගම හිංදු දේවාලයේ පැවති පුජාවකට එක්වු එම පිරිස බේදාදිමට සුදානම් කර තිබු අත් පත්‍රිකා සදහා ආශිර්වාද ලබා ගැනිමද සිදු කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts