වැට් වැඩි විමත් සමග මේ වන විට ජනතාවගේ ජන ජිවිත කනපිට හැරෙමින් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
මෙම වැට් වැඩි කිරිමත් සමග ඉන්දන ගෑස් දරුවන්ට දෙන කිරි පිටි ටිකේ සිට සැම භාන්ඩයකම මිල ඉහල යමින් පවතිනවා මෙම තත්වයන් මත මේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.
මෙම තත්වයන් මත කුඩා ව්‍යාරිකයන් ස්යංරැකියාලාභින් සිට සියලුම පිරිස් දුෂ්කරතාවයන්ට පත් විමත් සමග මේ රටේ ආර්ථිකයද කඩා වැටිමේ අවදානමක් පවතිනවා එමෙන්ම දිනෙන් දින ඉහල යමින් පවතින ජිවන වියදම් හමුවේ විවිධ අපචාර කොල්ලකැම් සොරකම්ද ඉහල යාමේ අවදානමක් පවතිනවා .
රටේ ආර්ථිකය නගා සිටුවන්න කියමින් විවිධ ආකාරයෙන් බදු වැඩි කරමින් ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත් කලද මේ වන විට මේ රජය මගින් සිදු කරනු ලබන විවිධ නාස්තිකාර වියදම් ඉහල යමින් පවතින බවද අපිට පෙනි යනවා.
අද රජයේ සමහර ආයතනවල රථ වාහන නිකරුනේ විවිධ ගමන් යාම තුලින් එම රථ වාහනවලට ඉන්දන සැපයිමට රජය කොයි තරම් මුදලක් වැය කරනවාද එමෙන්ම සමහර ආයතනවල නිකරුනේ දැල්වෙන විදුලිය සදහා කොයිතරම් මුදලක් වැය වෙනවාද යන්න ප්‍රශ්නයක් මෙසේ වැය කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් නේද.
අද සමහර මැති ඇමතිවරුන් ගමන් යන්නේ රථ වාහන පිරිවරාගෙන මේ සදහා වැය වන ඉන්දන රියදුරු වැටුප් ඔවුන්ගේ අතිකාල දිමනා මේ සියල්ලට වැය කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් මෙම අනවශ්‍ය වියදම් නතර කරන්නේ නම් මේ බදු අඩු කරමින් ජනතාවට සහන සලසන්න හැකි වෙනවා.
එම නිසා මෙවැනි නාස්තිකාර වියදම් නතර කිරිමට දැන්වත් මේ රජය පියවර ගත යුතුයි එවිට එම මුදල් උපයෝගි කර ගෙන මේ රටේ පොදු ජනතාවට සහන සලසන්න හැකි වෙනවා.
එමෙන්ම මේ වන විට මේ රථ තුල පවතින ආර්ිථික කඩා වැටිම නතර කිරිම සදහා රට තුල වගා සංග්‍රාමයක් ඇති කල යුතුයි මේ වන විට මේ රටේ කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ඉඩම් කොයි තරම් තිබෙනවාද එම ඉඩම් ගවාවන් සදහා යොදා ගැනිමට කටයුතු කිරිමෙන් මේ රටේ පවතින ආර්ථික අහෙනියන්ට යම් සහනයක් ලබා ගැනිමටත් හැකි වෙනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories