ඓතිහාසික සෝමාවතී පුදබිමේ හිමිනමකගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා ධනාත්මක වී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මේ වන විට තුන්වන ‍රැල්ලේ ආසාධිතයින් 68 දෙනෙකු පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමු වූ බවත් ඉන් 08 දෙනෙකු ප්‍රතිකාර කාලය අවසන් කර ඇති බවත් ය.දිස්ත්‍රික්කයේ සිදුවූ මරණ 03 ම හිගුරක්ගොඩ කුමාරගම මළගෙදරක ආශ්‍රිතයන් බවත් එහි ආශ්‍රිතයන් නිසා හිගුරක්ගොඩ සිරිකෙත ගමෙන් පමණක් ඊයේ (27) වන විට ආසාධිතයින් 26ක් වාර්තා වූ බවත් හෙතෙම පැවසීය.

මේ අතර නිරධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබන පුලතිසිපුර ජාතික අධ්‍යාපන පීඨයේ ‍රැදී සිටින විදෙස්වල සිට මෙරටට පෙමිණ නිරෝධායන වන පිරිස් පවසන්නේ ආසාධිතයන් හා නිරෝධායනය වන්නන් එකටම නේවාසිකව රඳවා ගැනීමෙන් තමන් බලවත් අපහසුතාවකට පත්ව සිටින බවයි.සයිප්‍රසය,අබුඩාබි,බහරෙන්,මැලේසියා,ජර්මනිය වැනි රටවල සිට පැමිණි මෙම පිරිස් ඉකුත් 10 වන දින මෙම ස්ථානයට ගෙනවිත් ඇත.

දින 06 කට පසු පසුගිය (15) දා  පී.සී.ආර්.පරික්ෂණ සිදු කළ බවත් ඉන් පොසිටිව් වූවන් 30ක් පමණ හඳුනා ගත් බවත් සියල්ලන්ම එකට සිටීම නිසා අනිත් පුද්ගලයින් වෙත ද වෛරසය බෝ වෙන්නට පටන් ගෙන ඇති බවත් ඔවුහු කියති.මුලින් වෛරසය ආසාධිත බව හඳුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ‍රැගෙන ගිය පිරිස් මේ වන විටත් ප්‍රතිකාර කාල සීමාව අවසන් කොට නිවෙස් බලා නික්ම ගොස් ඇතත් නිරෝධායනය වන තමන් ආසාධිතයින් සමග එකට නේවාසිකව ‍රැඳවීම නිසා තමන්ට තවමත් නිවෙස් බලා යාමට අවස්ථාන්ව නොදෙන බව ද ඔවුහු කියති.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts