ඉත්තාපාන  ආදාහනාගාරය  විවෘත කර  මාස හතරකට අධික කාලයක් ගතව ඇතත් මෘත දේහයන් ආදාහනය කිරිමට  නොහැකිවී ඇතැයි වළල්ලාවිට ප්‍රාදේශීය  සභා මන්ත්‍රී  දීප්ති  වැලිපැන්න විතාන මහතා කියයි.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාව මගින් රුපියල් ලක්ෂ  සීයයකට අධික මුදලක් වැයකර  ඉදිකළ මෙම ආදාහනාගාරය  මීට මාස හතරකට පමණ ඉහතදි පලාත්පාලන කොමතාරිස් කාර්යාලයේ  නිළධාරීන් , සමග වළල්ලාවිට ප්‍රාදේශීය සභා  සභාපති උදේනි අතුකෝරළ මහතා විවෘත්ත කළේය .

පසුගිය  මාස කිපය තුළ ඉත්තාපාන  ප්‍රදේශයේ  මෘත ශරීර  පහක් පමණ ආදාහනය කිරිමට  වරින් වර  අවස්ථා කිපයකදී ප්‍රදේශයේ ජනතාව  ප්‍රාදේශීය සභාවෙන්  ඉල්ලීම්  කළත් ඒවා බාර නොගත් බව ප්‍රදේශයේ ජනතාව  කියති.

මෙි නිසා විශාල මුදලක් වැයකර මතුගමට හෝ ඇල්පිටියට ගෙනයාමට සිදුව අැතැයි  ඉත්තෑපාන , ගලතර, පරේගම, ඇතුළු  ප්‍රදේශවල ජනතාව කියති.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවෙි වැඩ බලන සභාපති  නිලන්ත  ප්‍රදීප් කුමාර   මහතාගෙන් විමසු විට ඔහු ප්‍රකාශකලේ  ආදාහනාගාරය  නිළ වශයෙන් විවෘත කළත් පළමු ආදාහනය  ආදාහනාගාරය  ඉදිකළ සමාගමෙි පූර්ණ  අධීක්ෂණය  යටතේ එම නිළධාරින්  සිදුකළ යුතු බවයි.

ඒ සදහා  එම සමාගමෙි නිළධාරින්ට දැනුම්  දුන්නද  කොරෝනා  ඇඳිරිනීතිය  නිසා පසුගිය  මාස කීපයේම ඔවුන්ට පැමිණිමට නොහැකිවූණා. එම  ඉදිකිරිම් සමාගමෙි අධීක්ෂණයෙන්  තොරව පළමු ආදාහනය කළ හොත් ඔවුන්ගේ වගකීම නැතිව යනවා.

ඊළගට එන ආදාහනය  සඳහා  අපි ඔවුන් ගෙන්වා ගන්නවා.  එහෙම හදිසියේ නොහැකිවුව හොත් සභාව මගින් ප්‍රවාහන කටයුතු  කරදීමට තීරණය  කර තිබෙනවා.

සෝමරත්න පොද්දෙණිය  –  මීගහතැන්න

More Stories