හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ හෝටල්, සිල්ලර බඩු වෙලද සැල්, පරික්ෂාවකදි වෙලද සැල් හිමියන් සියයකට පමණ නිතිමය පියවර ගැනිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මග පෙන්විම මත මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් 25 දෙනකුගෙන් සමන් විත කණ්ඩායමක් විසින් දින දෙකක් පුරා (17, 18) කරන ලද හෝටල් වෙලද සැල් පරික්ෂාවකදි මෙම පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ  මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ මෙම වෙලද සැල් පරික්ෂාවේදි  පහත සදහන් චෝදනා මත හැටන් හා දික්ඔය නගරවල වෙලද සැල් සියයකට පමන නිතිමය පියවර ගැනිමට ඉදිරියේදි කටයුතු කරන බවත්ය.

ඒ අනුව කල් ඉකුත්වු ආහාර විකිනිමට ලග තබා ගැනිම,නිස්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය නොමැති අහාර ද්‍රව්‍ය  විකිනිම සදහා ලග තබා ගැනිම, නිසි ලෙස ලේබල් නොමැති අහාර පැකට් විකිනිමට ලග තබා ගැනිම, මිනිස් පාරිභෝජනයට නුසුදුසු අහාර විකිනිමට ලග තබා ගැනිම, විදෙස් රටවලින් ගෙන්වන ලද අයිතිකරුවකුගේ නම සදහන් නොමැති අහාර ද්‍රව්‍ය විකිනිම සදහා ලග තබා ගැනිම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම වේදයන් අනුගමනය නොකර ව්‍යාපාර කිරිම  වැනි චෝදනා මත මෙම වෙලද සැල් හිමියන්ට මෙසේ නිතිමය පියවර  ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories