කොවිඩ් නයින්ටීන් වෛරසය චීනය විසින් රසායනාගාර තුළ නිෂ්පාදනය කරන ලද්දක් බවට කිසිඳු විද්යාවත්මක සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වෛරසයේ මූලාරම්භය සතුන් හරහා සිදුවූවක් බවට තවදුරටත් විශ්වාස කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව පවසමින් චීන රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට අමෙරිකාවේ මිසූරි ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සිදුවූ වූ ජීවිත හානි හා ආර්ථිකයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් චීන රජය වගකිව යුතු බව මිසූරි ප්‍රාන්ත බලධාරීන් පවසයි.

More Stories