මහ ශිව රාත්‍රිය සමග පැමිනි සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත් එම තත්වයන් මත සමහර අවස්ථාවලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගය අවහිරවු බවද නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මහ ශිවරාත්‍රි නිවාඩුව සමග පැමිනි දින තුනේ සති අන්ත නිවාඩුව තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිමට විශාල පිරිසක් පැමිනි බවත් එම වන්දනාකරුවන් පිරිස ලක්ෂයකට අධික බවත්ය.

මෙම සති අන්තය තුලදි පැමිනි වන්දනාකරුවන් විශාල පිරිසක් පොදු ප්‍රවාහන සේවා උපයෝගි කර ගෙන පැමිනිම හේතුවෙන් නල්ලතන්නිය ප්‍රදේශය තුල ඒතරම් රථ වහන තදබදයක් ඇති නොවු බවද පැවසු එම නිලධාරියා හෙරොයින් නැමති මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි තරුණයකු අත් අඩංගුව ගත් බවද පැවසිය.
ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියළු වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත පැය 24 පුරාවට ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories