පවතින කොරෝනා වෛරසය හේතුවෙන් අති විශාල වන්දනාකරුවන් පිරිසක් ඒකරාශීවන ශ්‍රිපාද වන්දනා ගමන් තාවකාලිකව නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා බුද්ධ සාසන අමත්‍යාංශයෙන් ඉල්ලිමක් කර ඇත.
පවතින කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම මත මෙම තිරණය ගන්නැයිද ඒ මහතා මෙසේ ඉල්ලා ඇත.
මේ පිලිබදව අදහස් දක්වන රෝහණ පුෂ්පකුමාර මහතා මේ වන විට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල පිරිසක් සති අන්තයන් තුලදි පැමිනෙන බවත් ඒ අනුව පසුගිය 14වන දිනද බස් රථ වැන් රථ පුද්ගලික මෝටර් රථවලින් විශාල පිරිසක් පැමින ඇති බවද පවසන ලදි.
එමෙන්ම මෙම ශ්‍රිපාද වන්දනාව සදහා ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට මෙන්ම විදේශීය රටවල සිටද පිරිස් පැමිනෙන බවත් ශ්‍රිපාද පුද බිම අධික සිතල දේශගුනයක් පවතින ස්ථානයක් බවද පවසන ලදි.
එමෙන්ම මෙහිදි වන්දනාකරුවන් අතර තෙරපිමක් පවතින බැවින් ඒ තුලින් ඇතිවන තෙහෙට්ටුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයන් සමන්යයෙන් පිරිහිමට ලක්වන බවත් විශාල වශයෙන් අරක්ෂක වැටවල් පරිහරණය කිරිම මෙන්ම බහුතරයක් වැඩිහිටියන් විම හේතුවෙන් මෙම කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බවද සදහන් කරන රෝහණ පුෂ්පකුමාර මහතා ශ්‍රිපාද වන්දනා ගමන නතර කිරිම මේ අවස්ථාවේදි කාලෝචිත ක්‍රියාවක් බව බුද්ධ සාසන අමත්‍යාංශය වෙත ලිඛිතව දන්වා සිටි බවද පවසන ලදි.
බුද්ධ සාසන අමත්‍යාංශයට අතිරේකව සෞඛ්‍ය අමත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමත්‍යාංශය, මෙන්ම ශ්‍රිපාද ස්ථානාධිපති නායක හිමියන් වෙතද මේ සම්බන්දයෙන් දැනුවත් කල බවද රෝහණ පුෂ්පකුමාර මහතා වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්