සමහර වෙළදසැල්වල බඩු මිල අධික ලෙස ඉහළ දමමින් එම වෙළදුන් විසින් පාරිභෝගිකයන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට සමහර කූට වෙළදුන් විසින් හාල්, සිනි, පරිප්පු, පොල් තෙල්, මුං ඇට, වැනි ආහාර ද්‍රව්‍ය ඉතාමත් අධික මිලකට අලෙවි කරන බවත්ය.
මෙම සමහර වෙලද සැල්වල මෙම ආහාර ද්‍රව්‍යවල උදේ පවතින මිල ගණන් සවස එයට වඩා වැඩිවන බවත් මෙවන් තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
සමහර වෙළදුන් මෙසේ අධික මිල ගනන්වලට බඩු භාන්ඩ අලෙවි කිරමින් ප්‍රදේශයේ අහිංසක ජනතාව ගසාකැමට ලක් කරන බවත් මෙකි කූට වෙළදුන්ට එරෙහිව අදාල බලධාරින් විසින් කඩිනම් පියවර ගැනිමට කටයුතු කල යුතු බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා