හැටන් නගරයේ බොක්කුවක් මත ඉදිකර තිබු ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරිමට අධිකරණ නියෝගයක් දී තිබුනද එහි කොටසක් පමණක් කඩා ඉවත්කර එය අතර මග නතර කිරීම පිලිබදව නගරයේ බොහෝ පිරිසක් දැඩි විමතිය පල කර සිටිති.
මෙම සිවු මහල් ගොඩනැගිල්ල ජලය ගලා යන බෝක්කුවක් මත ඉදිකර ඇති අතර එම ගොඩනැගිල්ල මේ වන විට ගිලා බැසිමකට ලක්විමෙන් එම බොක්කුවෙන් නිසි ලෙස ජලය ගලා නොයාමත් සමග එම ප්‍රදේශයේ සමහර නිවාසවලට ජල ගැලිම්ද සිදු වෙමින් පවතින අතර එම ගොඩනැගිල්ල කඩා වැටිමේ අවදානමකට ලක්ව ඇත.

එම තත්වයන් මත මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කරන ලෙස හැටන් දිසා අධිකරණයෙන් නියෝග කර තිබුනද මේ වන විට එහි කොටසක් පමණක් කඩා ඉවත් කර ඇති බවත් මෙම ගොඩනැගිල්ලේ ඉතිරි කොටස යම් හෙයකින් කඩා වැටිමකට ලක් වුවහොත් තමන්ට දැඩි හානියක් සිදුවිමේ අවදානමක් පවතින බව එම ගොඩනැගිල්ල අවට සිටින පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් උතුර ග්‍රාම සේවා නිලධාරි එස්. සුරේෂ් මහතා පවසන ලද්දේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කරන ලෙසට හැටන් දිසා අධිකරණය විසින් නියෝග කර ඇති බවත් ඒ අනුව මෙම ගොඩනැගිල්ල ජූලී මස අවසන් වන විට කඩා ඉවත් කිරිම සිදු කල යුතු බවත් මේ වන විට එහි කොටසක් කඩා ඉවත් කිරිමට එම ගොඩනැගිල්ලේ හිමිකරුවන් පියවර ගත යුතු බවත්ය.
ඒ අනුව එහි කොටසක් මේ වන විට කඩා ඇති බවත් එහි අනික් කොටස්ද කඩා ඉවත් කල යුතු බවත් ඒ පිලිබදව සොයා බලන බවද සුරේස් මහතා වැඩි දුරටත් පවසන ලදි.
මේ පිලිබදව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගෙන් කරන ලද විමසුකදි අදහස් දක්වමින් පවසන ලද්දේ එම ගොඩනැගිල්ල කඩා ඉත් කිරිමට තවත් මසක කාලයක් ඉල්ලා ඇති බවත් ඒ පිලිබද සොයා බලා අදාල පුද්ගලයන්ට අවශ්‍ය උපදෙස් දිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts