ආගරපතන අයෝනා වතුයායට පැමිනි හදුන් දිවියන් පලා යාමත් සමග තම ජිවිතවලට යම් අවදානම් තත්වයක් පවතින බව එහි සමහර පිරිස් පවසති.

23වන දින මෙම වතුයායේ කම්කරුවන් සේවය කරමින් සිටින විට එම ප්‍රදේශයට හදුන් දිවි පැටවුන් තිදෙනකු පැමින ඇත.

පසුව එම වතු කම්කරුවන් විසින් මේ පිලිබදව ආගරපතන පොලිසියට දැනුම් දිමෙන් පසු පොලිසිය විසින් කරන ලද දැනුම් දිමක් මත නුවරඑළිය වන ජිවි නිලධාරින් මෙම හදුන් දිවියන් ඇල්ලිම සදහා එම වතුයායට පැමින ඇත.

එම අවස්ථාව වන විට එක් හදුන් දිවි පැටවුකු ගසකටද නැග ඇති අතර වන ජිවි නිලධාරින් නිසි සුදානමකින් නොපැනිමත් සමග එම හදුන් දිවි පැටවුන් අල්ලා ගැනිමට නොහැකිවු බවත් එම හදුන් දිවි පැටවුන් පලා ගිය බවත් එම වතුයායේ පිරිස් වැඩි දුරටත් පවසති.

වතුකරය තුල මේ වන විට හදුන් දිවියන් බහුල විමත් මෙම හදුන් දිවි පැටවුන්ගේ මහ හදුන් දිවියන්ද මෙම ප්‍රදේශය තුල සැරි සරන බවට සැකයක් පවතින බවත් එම තත්වයන් මත තම ජිවිතවලට විවිධ තර්ජන එල්ලව ඇති බවත් පවසන එම වතු ජනතාව මේ පිලිබදව වන ජිවි අංශයේ දැඩි අවදානය යොමු කල යුතු බවද වැඩි දුරටත් පවසති.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories