corona

එකිනෙකා වැළද ගැනීම, හාදු දීම මාසයක කාලයක් තහනම් කිරීමට  ඉතාලි රජය නියෝග කර තිබෙනවා.

එමෙන්ම ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසත් පුද්ගලයින් දෙදෙනෙක් අතර පරතරය මිටරයක් ලෙස පවත්වා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. එම උපදෙස් මාලාව අනුව වයස අවුරුදු 75 ට වඩා වැඩි පුද්ගලයින්ට නිවෙස් තුලටම වී සිටින ලෙස දන්වා සිටියි.

ඉතාලියේ ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් රෝගීන් 2502ක් සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Similar Posts