හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් කිපයක් තුල පවතින විවිධ අකටයුතු කාර්යයන් ඇතුළු විවිධ හේතුන් මත එම විදුහල්වල අධ්‍යාපනය හදාරණ බොහෝ සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පාසල් සිසුන් හා නිලධාරින් අතර ඇතිවු සංවාදයකදි අනාවරණය විය.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි විසින් සංවිධානය කරන ලද ළමුන්ගේ හඩට කන්දෙමු යන සංවාදය හැටන්හි උත්සව ශාලාවකදි පැවැති අතර මෙම අවස්ථාවට පාසල් ලමුන් පිරිසක් හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්, අඹගමුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු විවිධ ආයතනවල නිලධාරින් පිරිසක් මෙම සංවාදයට එක්ව සිටින ලදි.
මෙහිදි අධ්‍යාපනය පිළිබදව පැවති කතිකාවේදි අදහස් දැක්වු පාසල් සිසුන් පිරිසක් පවසන ලද්දේ වටවල ආගරඔය විදුහලේ නවවන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන බවත් එයින් පසු එම සිසුන් වටවල දෙමල විදුහලට 10වන ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබිය යුතු බවත්ය.
එහිදි දහවන ශ්‍රේණියට පැමිනෙන සිසුන් සදහා එම විදුහලේ බලධාරින් විභාගයක් පවත්වා ලකුණු මට්ටම් මත සමහර සිසුන් දහවන ශ්‍රේණියට නොගෙන නැවත එම විදුහලේ නවවන ශ්‍රේණියට ඇතුලත් කිරිමෙන් එම සිසුන් දැඩි අසිරු තත්වයන්ට පත්වන බවත්ය.
එමෙන් එම විදුහලේ සැම මසකම ප්‍රශ්න පත්‍ර ලබාදි විභාගයක් පවත්වන බවත් මේ සදහා මසකට එම විභාගය සදහා රුපියල් දහසක් ගෙවිමට සිදුවන බවත් මේ අනුව වසරකට රුපියල් දොලොස් දහසක් ගෙවිමට සිදුවන බවත් එවන් මුදලක් ගෙවිමට වතු කම්කරුවන් තම දෙමාපියන්ට නොහැකිවිමෙන් බොහෝ සිසුන් අතරමග පාසල් අධ්‍යාපනය අත් හරින බවත්ය.
එමෙන්ම මෙම විදුහලේ සමහර ගුරුවන් මත් ද්‍රව්‍ය බාවිතා කර පැමිනෙන බවත් එයට අමතරව මෙකි සමහර ගුරුවරුන් පංතිවල උගන්වන අතර තුරදි වැසිකිලියට ගොස් දුම් පානය කර පැමිනෙන බවත් මෙම තත්වයන් තුලින් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.
මෙයට අමතර මෙම විදුහලේ ගුරුවරුන් පිරිසක් තමන්ට නොමිලේ ලබා දෙන නිල ඇදුම් රෙදි නැවත ලබා ගෙන ඔවුන් විසින් තමන්ට නිල ඇදුම් මසාදි තමන්ගෙන් වැඩි පුර මුදල් අය කරන බවත් මෙයට වඩා අඩු මුදලකට තමන්ට එම රෙදිවලින් නිල ඇදුම් මසා ගැනිමට හැකි වුවද මෙම විදුහලේ පිරිස් කරනු ලබන මෙම ක්‍රියාවෙන් තමන්ට නිල ඇදුම් මසා ගැනිමට වැඩි පුර මුදලක් ගෙවිමට සිදුව ඇති බවද එම සිසුන් පවසන ලදි.
එමෙන්ම තවත් සිසුන් පිරිසක් පවසන ලද්දේ අඹගමුව විදුහලේ සිසුන් සදහා ලිවිය යුතු පොත් වර්ග එම විදුහල විසින් නියම කරන බවත් එම පොත් සදහා දැමිය යුතු කවරද ලිවිය යුතු පැන් වර්ගද නියම කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
පොත්වල ලිවිමේදි අදාල මාතෘකාව එක් පාටකින්ද අනිත් කරුනු තවත් පාටකතින්ද ලිවිමට නියම කිරිම තුලින්ද තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අඩු ලකුණු මට්ටමකින් ගැනිම හේතුවෙන් පිටස්තර පලාත්වල සිසුන් උසස් පෙල හැදැරිමට මෙම දිස්ත්‍රිකයේ සමහර පාසල්වලට පැමිනි තුලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසුන්ට දැඩි අසාධාරනයක් සිදුවන බවද එම සිසුන් වැඩි දුරටත් පවසන ලදි.
තවත් සිසුන් පිරිසක් පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ තම පංතිවවලට ඉගැන්විම් කරන සමහර ගුරුවරුන් මුදල් ලබා ගෙන සවස් කාලයේ අතර පංති පවත්වන බවත් එම අමතර පංතිවලට නොයන සිසුන්ට පංති කාමරය තුලදි විවිධ හිංසනයන්ට මුහුණ දිමට සිදු විමෙන් එම සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම ප්‍රශ්න සදහා පිලිතුරු ලබා දිමට නැගි සිටි නොවිධිමත් අධ්‍යාපන සංවර්ධන පලාත් අධ්‍යාපන දෙපාර්ථමේතුව සහාකාර අධ්‍යාපන අධ්‍යක්ෂක එරංග අමුණුගම මහත්මිය පවසන ලද්දේ කිසිදු සිසුවෙකු වර්ෂ දෙකක් එකම පංතියක තබා ගැනිමට කිසිදු විදුහල්පතිවරයකුට හෝ ගුරුවරයකුට නොහැකි බවත්ය.
එමෙන් මාසික පරික්ෂ බව පවසමින් මෙතරම් මුදලක් අයකිරිමට නොහැකි බවත් ලමුන්ට ලබා දෙනු ලබන නිල ඇදුම් රෙදි නැවත ලබා ගැනිමද නිති විරෝධි බවත්ය.
මෙයට අමතර පාසල් සිසුන්ට ලිවිය යුතු පොත් පැන් වර්ග හෝ පිට කවර පිලිබදවද නිති පැනවිය නොහැකි බවත් කිසිදු ගුරුවරයකුට තමන් ඉගැන්විම් කරන පංතිවල සිසුන්ට මුදල් ලබා ගෙන අමතර පංති පැවැත්විය නොහැකි බවත්ය.
වටවල ද්‍රවිඩ විදුහලේ හා අඹගමුව විදුහලේ පවතින ගැටලු ඇතුළු මේ සියළුම කරුනු කාරනා පිලිබදව මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්යක්ෂතුමන්ට පැමිනිලි කර මේ සම්බන්දයෙන් කඩිනම් විමර්ෂනයන් ආරම්භ කිරිමට පියවර ගන්නා බවත්ය.
පාසල් සිසුන්ට පවතින ප්‍රවාහන ප්‍රශ්න පිලිබදව අදහස් දැක්වු සිසුන් පිරිසක් පවසන ලද්දේ රාණි කාඩු සිට බගවන්තලාවට හා විග්ටන් ප්‍රදේශයෙන් බස් රථ නොමැති විම දඩි ප්‍රශ්නයක් බවත්ය එමෙන් සමහර බස් රථ සිසන් ලබා ගෙන ඇති පාසල් සිසුන් නොගැනිමත් සමහර ලංගම කොන්දොස්තරවරුන් ඉතුරු මුදල් නිසි ලෙස ලබා නොදිමත් දැඩි ගැටලුවක් බවත් පාසල් සිසුවියන් බස් රථවල ගමන් කිරිමේදි සමහර බිමත් පුද්ලයන් එම බස් රථවලට නැගි පාසැල් සිසුවියන්ට විවිධ අඩන්තෙට්ටම් කිරිමද දැඩි ප්‍රශ්නයක්වි ඇති බවත්ය.
මෙයට පිලිතුරු ලබා දුන් හැටන් ලංගම ඩිපෝ ජේශ්ඨ ඩිපෝ පරික්ෂක ඒ. සි. හැන්ස් මහතා පවසන ලද්දේ රාණි කාඩු බසය දැනට වසර 10 පමන කාලයක සිටම නතර කිරිමට පියවර ගෙන ඇති බවත්ය එමෙන්ම සමහර මාර්ගවල පවතින දැඩි අබලන්තාවයන් හේතුවෙන් එම මාර්ගවල බස් රථ ධාවනය නතර කිරිමට සිදුවන බවත්ය.
මෙයට ප්‍රධාන හේතුවවි ඇත්තේ තම ඩිපෝව සතුව එම මාර්ගවල ධාවනය කිරිමට සුදුසු කුඩා බස් රථ නොමැති විම බවත් යම් කොන්දොස්තරවරයෙක් ඉතිරි මුදල් ලබා නෙදෙන්නේ නම් එම බස් රථයේ අංකය හා දිනය සදහන් කර නිර්නාමිකව හෝ හැටන් ඩිපෝවට දැනුම් දෙන ලෙසත්ය.
එමෙන්ම පාසල් සිසුන් බස් රථවලට ගන්නා ලෙස සියලුම රියදුරු කොන්දොස්තර මහත්වරුන් දැනුවත් කර ඇති බවත් එසේ කටයුතු නොකරන බස් රථ ගැනද ඩිපෝවට දැන්වු විට එම රියදුරු කොන්දොස්කතතරවරුන්ට එරෙහිව කටයතු කිරිමයට පියවර ගන්නා බවද ඔහු පැවසිය.
මෙහිදි අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය ලේකම් සිතාරා රුවනි ගමගේ මහත්මියද පවසන ලද්දේ ගිනිගත්හේන හැටන් මාර්ගයේ ධාවනය වන සමහරක් ලංගම බස් රථවලට පාසල් සිසුන් නෙගෙන ධාවනයවන අවස්ථා තමන්ද දැක ඇති බවත්ය එමෙන්ම මාර්ග අබලන් බව පවසමින් බස් රථ ධාවනය නොවිමද පාසල් සිසුන් ඇතුළු බස් මගින් කබලෙන් ලිපට ඇද දැමිමක් බවත්ය.
මෙහිදි බස් රථ තුල සිසුවියන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් පිලිබදව පිලිතුරු ලබා දුන් ප්‍රධාන පොලිස් පරික්ෂකා කමනි මහත්මිය පවසන ලද්දේ මේ පිලිබදව හැටන් පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගන්නා බවත්ය.
මෙහිදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ මෙම වැඩ සටහන තුලින් නව අත් දැකිම් ලබා ගැනිමට හැකිවු බවත්ය එමෙන්ම මෙහිදි කරන ලද විවිධ ප්‍රකාශයන් පිලිබදව අදාල ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ටද විවිධ ක්‍රියා මාර්ග ගැනිමටත් සිදු වෙනවා මෙයට පෙරද පිටස්තර පලාත්වලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වලට සිසුන් ගත් විදුහල්පතිවරුන්ටද විවිධ ක්‍රියා මාර්ග ගත්තා එම තත්වයන් මත එම සොයා බැලිම් නැවත සිදු කිරිමටත් පියවර ගන්නවා.
එමෙන්ම තමන් උගන්වන පංතියේ සිසුන්ට එම ගුරුවරයාට මුදල් ලබා ගෙන අමතර පංති කරන්න බැහැ එම තත්වයන් පිලිබවද අපි සොයා බලා අවශ්‍ය පියවර ගන්නවා පාසල් සිසුන් ලෙස ඔබට තිබෙන්නේ හොදින් ඉගෙන ගෙන අදාල ඉලක්කයන් සදහා යාමයි.
මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පලාත් සමාජ සුභ සාධන පරිවාස ළමාරක්ෂන සේවා කොමසාරිස් චින්තිකා ගුණරත්න මහත්මිය පවසන ලද්දේ මෙම සංවාදය තුලින් විවිධ ප්‍රශ්න පිලිබදව අපි දැනුවත් වුනා මේ තුලින් දරුවන්ගේ අයිතිවාසිකම් පිලිබදවත් කතාවුනා.
මේ දරුවන් මොන අභියෝග ආවත් මොන ප්‍රශ්න තිබුනත් ඔබ කල යුතුදේ නොබියව කිරිමට පියවර ගන්න ඔබ ඉගෙන ගත්දේ ඔබගේ යහාලුවන්ටද සංනිවේදනය කිරිමට පියවර ගන්න.
හරි වේලාවට නිවරදි තින්දු ගත්තේ නැතිනම් එතන වරදිනවා එම නිසා ගන්න ඕන නිසි තිරණ ගත යුතු වේලාවට ගන්න කටයුතු කරන්න.
මෙම වැඩ සටහන සදහා වර්ල්ඩ් විෂන් ආයතනයේ දික්ඔය කාර්යාලය විසින් අනුග්‍රහාය දක්වන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්