bankclose

හැටන් නගරයේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික බැංකු ශාඛාවක හා උගස් මධ්‍යස්ථාන ශාඛාවක දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ආයතන දෙක වසා දැමිමට උපදෙස් දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

මෙම පුද්ගලික බැංකු ශාඛාවේ ආරක්ෂක නිලධාරියකුට හා උගස් මධ්‍යස්ථානයේ අයකුද කොවිඩ් ආසාදිතයන් ලෙසට වාර්ථා විමත් සමග මෙම ස්ථාන දෙක මෙසේ වසා දමා එහි සේවක පිරිස ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම ආයතන දෙක විෂබීජ හරණයට ලක් කර වෙනත් සේවක පිරිසක් යොදවා එම ආයතන දෙක නැවත විවෘත කිරිමට හැකි බවත් ඒ අනුව කටයුතු කරන ලෙසට එම ආයතනවලට වැඩි දුර උපදෙස් ලබා දුන් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි හා ෆෝඩයිස් වතුවලින් කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග එම වතු දෙකට මායිව පවතින පුලියාවත්ත කඩ විදිය 04වන දින සිට වාසා දැමිමට පියවර ගත බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග 04වන දින හුදකලා කල ඉන්ජස්ට්‍රි හා ෆෝඩයිස් ග්‍රාම සේවා වසම්වලට මායිම්ව මෙම පුලියාවත්ත කඩ විදිය පිහිටා ඇති බවත් එම තත්වයන් මත මෙම කඩ විදිය මෙසේ වසා දැමිමට කටයුතු කල බවත්ය.

හුදකලාවට ලක්කල ග්‍රාම සේවා වසම් දෙකේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා පුලියාවත්ත කඩ විදියේ වෙලදුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories