නිකවැරටිය ප්‍රදේශයේදි බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරිම පැහැර හැරි උප පොලිස් පරික්ෂිකාවන් දෙදෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් වුයේ සිටය.
දහතුන් හැවිරිදි මෙම දැරියගේ දෙමාපියන් නීතියෙන් වෙන්ව සිටින අතර ඇයගේ මිත්තණිය භාරයේ මෙම දැරියත් නැගණියත් ජිවත්ව ඇත. පසුව පියා විසින් මෙම දැරියව ඔහුගේ භාරයට ගෙන තිබේ. පියා වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර එහිදි මෙම දැරියට විවිධ වධහිංසාවන් වලට ලක් වීමට සිදුව තිබේ.
පියා විසින් ඇයට පෙම්වතෙකු හඳුන්වා දි ඇති බවද පැවසේ. මෙම දැරිය සම්බන්ධයෙන් ඉකුත් 30 වෙනිදා මීරිගම ප්‍රදේශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන් ඇය පිලිබඳ සෙවීමට යාමේදි ඇය හමුවී නොමැත.
මේ අතර සමාජ මාධ්‍ය වල දිගින් දිගටම මෙම දැරියට කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉතා අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩීයෝවක් සංසරණය වීමත් සමඟ මෙකී වින්දිත දැරිය පිළිබඳ නැවත වරක් සියල්ලන්ගේම අවධානය යොමු විය.
මේ අතර මෙම වීඩියෝව රැගෙන මෙම දැරියගේ මවත් , මිත්තණියත් කොටවෙහර පොලිසියට හා නිකවැරටිය පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් කිරිමට උත්සහ කළද එහි සිටි කාන්තා පොලිස් නිලධාරිනියන් පවසා ඇත්තේ දරුවට ගැහුවට මැරුවේ නැහැනේ යන්නය. එහෙයින් එහීදිද මෙම වින්දිත දැරියට සරණක් ලැබුණේ නැත.
කෙසේ නමුදු මෙම වීඩියෝව සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් සිදු කර අදාල කාන්තාවන් දෙදෙනාත් ,දැරියගේ පෙම්වතා බව කියන තරුණයාත් අත්අඩංගුවට ගෙන තිබුණි.
වීඩියෝවේ මෙම දැරියට පහර දෙන්නේ ඇගේ කුඩාම්මා හා ඇයගේ නැඟණිය වන ග්‍රාම නිලධාරිනියකි. ඔවුන් දිගින් දිගටම පවසන්නේ පරිවාස ගියද ඇයව මරන බවය.
කෙසේ නමුදු මහජනතාව වෙනුවෙන් පිහිටා ඇති නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වැනි ආයතනයකින් මෙම බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම පියවර නොගැනීම කණගාටුවට කරුණකි.
දැරිය කුමනාකාරයෙන් සිටියත් ඇය බාලවයස්කාරියකි. ඇය වෙනුවෙන් පෙනී සිටිමට පෙර කී කාන්තා පොලිස් නිලධාරිනියන් හට නීතියේ ප්‍රතිපාදන තිබුණද එය නොසලකා හැර තිබුණේ දැරිය මිය ගොස් නොසිටි නිසාය. පෙර කී උප පොලිස් පරික්ෂිකාවන් දෙදෙනාගේ වැඩ තහනම් වන්නේද රාජකාරිය පැහැර ඇති බව සහකාර පොලිස් අධිකාරිවරයාගේ නිරික්ෂයට ලක් වීම හේතුවෙනි.
එසේනම් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරිමත් පොලිසියේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවත් ඇත්තේ ගැටලුවක් නොවන්නේද?
ශානි