රජයේ මුදල් රුපියල් ලක්ෂ විස්සක් සහ ගොවින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ ඇලේගොඩ ගොවි සෙවන කාර්යාලය විවෘත්ත නොකර කැලේට ගොස් ඇතැයි ප්‍රදේශයේ ගොවින් කියති.

1994 වර්ෂයේ දි ඉදිකරිම් අවසන්කර ඇති මෙම ගොඩනැගිල්ල මෙතෙක් විවෘත්ත නොකරම කැලෑවට යාමට අතහැර දමා තිබේ.

අක්කරයක භූමිය සමග ගොඩනැගිල්ල දශක දෙකකට වැඩි කාලයක් කැලෑවෙන් යටවෙමින්, දිරාපත්වෙමින් තිබෙන අතර ප්‍රදේශයේ ගොවින්ට පෝර, කෘෂි උපකරණ බෙදා දිමටත් , කෘෂි කර්ම පර්යේෂණ නිළධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිළධාරින්ගේ කාර්යාලය ලෙස ගැනිමටත් මෙය ඉදිකරතිබේ.

ඇලේගොඩ විජය ගොවි සමිතියේ පී. සේපාල මහතා

මේ ගොඩනැගිල්ල ඉදි කිරිමට අපිත් ශ්‍රමයෙන් දායක වුණා. නමුත් විවෘත්ත නොකර කැලෑවට යවල අවුරුදු ගණනක් වෙනවා. පෝරටික ගේන්න දොඩන්ගොඩට යන්න ඕනා.

රුපියල් පන්සීයක් හයසීයක් මේ සදහා වැයවෙනවා. පහලගම, පින්න කොළදූව, ඩේසිලෑන් වත්ත ඇතුළු ගම්මාන රැසක ගොවින් 150 – 200 දෙනෙකු ගේ ගොවි අවශ්‍යතා වෙනුවෙන් ඉදි කළ ගොඩනැගිල්ල අපරාධයක්වෙලා.

මේ පිළිබද සොයා බලා නව රජය හෝ කටයුතු කරයි කියල බලාපොරොත්තු වෙනවා.යැයි ඇලේගොඩ ගොවින් කියති.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

More Stories