ජනතාවගේ අයිතිවාසිකම් සීමා කිරීම එම අයිතීන් ශක්තිමත් කරන ලද පවතින ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාව හෝ අන් කිසිදු ක්‍රමයක් යොදාගනිමින් සිදු නොකළ යුතු යැයි ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය පවසයි.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පෙර නොවූ විරූ මහජන විරෝධයක් පැන නැගී ඇති අතර එය මේ වන විට අධිකරණ පරීක්ෂණයකට භාජනය වෙමින් පවතින බවත් ආගමික නායකයින්, වෘත්තීය සමිති, රාජ්‍ය විගණකවරුන්ගේ සංගමය සහ නීතිඥ සංගමය ඇතුළු රටේ වඩා පිළිගත් සිවිල් සංවිධාන කිහිපයක් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කර තිබෙන බවද ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය පවසයි.

එසේ වුවද, ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට අනෙකුත් ආයතන ලබාදෙන දායකත්වය නිසා රජය ඉතා අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව පෙනෙන අතර මහජනයාගේ ස්ථාවරය වී ඇත්තේ රට සංවර්ධනය කිරීමේ හදිසි කර්තව්‍යය ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති ධුරයට අවශ්‍ය බලතල කඩිනමින් ලබාදිය යුතු බවත් නමුත් ශ්‍රී ලංකා සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ 20 වන ව්‍යවස්ථාව ඉදිරියට ගෙනයාම පිළිබද සිය ස්ථාවරය නැවත සළකා බලන ලෙසය.

ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. එහි විධායක අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියවස් ගණනාවක් පුරා විකාශනය වූයේ යහපත් හෝ අයහපත් හේතු නිසා වේවා පාලකයන් විසින් සිදු කරන අපයෝජනයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට රජය සහ ජනතාව අතර ඇති සංයුක්තයක් ලෙසට ය. මුල්‍ය විගණනය, නීති පද්ධතිය හා පාර්ලිමේන්තු කටයුතු අධීක්ෂණය යන කාර්යන් තුළින් ජනතාව සතු මානව හිමිකම් සහ සම්පත් සුරැකීම තහවුරු වන අතර එමගින් වරින් වර ආණ්ඩු මෙහෙයවන අයගේ ග්‍රහණයෙන් ජනතාව ආරක්ෂා වීම සිදු වේ.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සඳහන් කරන්නේ, යෝජිත ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවගේ සහ වෙනත් රාජ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාවේ දැනට පවතින විග්‍රහයන්ගේ කොටස් ඉවත් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කර කර ඇති බවයි.

නීතිඥ සංගමයේ විශේෂ කමිටුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ “කිසිම පුද්ගලයෙක් නීතියට ඉහළින් නොසිටින අතර නීතිය තුළින්ම පුද්ගලයෙකුට නිරපේක්ෂ බලයක් ලබා දීම නීතියේ ආධිපත්‍යය සුරකින සියලු මූලධර්මවලට පටහැනි කාරණයක්” බවයි.

රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් එම සමාගමේ කොටස් වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති සමාගම්වල ගිණුම් විගණනය කිරීම විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ඉවත් කිරීම ගැන ද අපගේ අවධානය යොමු කළ යුතුයි.

මෙම ගිණුම් විගණනය කිරීමේ බලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාට පැහැදිලිවම පවරා දී ඇති අතර එම බලය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉවත් කර ඇත.

වරින් වර හඳුන්වා දී ඇති සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තනි සහ වෙනම අංගයන් බව වැරදි වැටහීමක් සමාජගත වී ඇති බව පෙනෙන්නට ඇත. නමුත් යථාර්ථය වන්නේ වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 සිට සම්මත කරන ලද සියලුම සංශෝධන ඇතුළත්ව සකස් වී ඇති ශ්‍රී ලංකාවේ සමස්ත ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාව යන කාරණයයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් පමණක් සම්මත වූ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එම තත්වය එසේම අදාළ නොවිය හැක.

ජනතාවට ලබා දී ඇති අයිතීන් සීමා කිරීම සඳහා ඒවා ශක්තිමත් කිරීමට යොදාගත් ක්‍රමවේදයම හෝ වෙන කිසිදු ක්‍රමයක් යොදා ගත නොහැකිය යන්න සහ එය එසේ නොකළ යුතු බව අපගේ මතයයි. විගණනය හා නීතියේ ආධිපත්‍යය හරහා ජනතාවගේ අයිතිවාසිකම් අපයෝජනයෙන් හා කොල්ලකෑමෙන් ආරක්ෂා කිරීමට රජය සහ එහි බලධාරීන් මත ඇති වගවීමේ කාර්යය සම්බන්ධයෙන් ද එම තත්වය එසේම අදාළ වේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225දෙනාගෙන් 215 දෙනෙකු අනුමත කරමින් ඡන්දය දුන් අතර එයට විරුද්ධ වූයේ එක් අයෙකු පමණි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන අතර එහි වගන්ති අහෝසි කිරීම ද එහි ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම යන ව්‍යවස්ථා බලයට යටත් වේ. එබැවින් එහි අන්තර්ගතයට කරන ඕනෑම සංශෝධනයකට එය අනුමත කිරීමට පාර්ලිමේන්තුවේදී ලබාදුන් එකඟතාවයම තිබිය යුතුය.

More Stories