මිහින්තලය නගරයේ පිහිටි ථෙතිහාසික බුලංකුලම පුරාණ වැවේ වැව් රක්ෂිතයට අයත් ඉඩම් කොටසක් කිසියම් පුද්ගලයෙකු විසින් අත්පත් කරගැනිමේ අරමුණින් ගස් කොළන් කපා විනාශකර තිබෙනා බවට මිහින්තලය නගර ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් පෙන්වා දුන්හ.

මිහින්තලය නගර ආසන්නයේම බුලංකුලම පුරාණ වැව පිහිටා තිබෙනා අතර නගරයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් එම ස්ථානය අල්ලා ගැනීම සදහා රක්ෂිත කොටසේ තිබු ගස් විශාල ප්‍රමාණයක් කපා බිමහෙලා තිබෙනා අයුරු දැකගත හැකිවිය.මිහින්තලය රජරට විශ්ව විද්‍යාල ආරක්ෂිත වැට අසලින් දිවෙන මාර් ගයේ පිහිටි රක්ෂිත කොටස මෙසේ විනාශ කරමින් පවති.

නගරවැසියන් ඊට විරෝධතාවය පලකරනා අතර ඔවුන් මෙසේ පැවසුවේය.1992 වසරේ ගම්උදාවට තමයි වැව් තාවුල්ල කොටසේ විවිධ තාවකාලික ඉදිකිරීම් සිදුවුනේ.ඒවා ඕනෑම අවස්ථාවක ගලවා ඉවත් කරන්න කියලා මිහින්තලය රජමහා විහාරාධිපති නාහිමිපානන්ට හා ගොවියන්ට කියන්න පුළුවන්.නමුත් රජයේ ආයතන කිහිපයක් තියන නිසා සියළුම දෙනා නිහඩව සිටින්නේ.

එහෙම ඉද්දි තමයි මේ පිටස්තර ව්‍යාපාරිකයෙකු මේකට අත තියන්න හදන්නේ.රක්ෂිතයේ තිබ්බ ගස් වැල් විශාල ප්‍රමාණයක් කපලා විනාශ කරලා.මෙතන කිසිම කෙනෙකුට ඉදිකිරිම් සිදුකරන්න දෙන්න හොද නෑ යනුවෙන් ඔවුන් පැවසූහ.

මේ සම්බන්ධයෙන් අනුශාෂනා කළ මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර් ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන්.මේ වැව අයිති මිහින්තලය රජමහා විහාරය ඇතුළු ගොවින් පිරිසකට.මේ වනවිට වැවේ කොටසක් කිසියම් පුද්ගලයෙකු බලහත්කාරයෙන් අල්ලාගෙන විනාශ කරනවා කියලා දැනගන්න ලැබුණා.

වැවේ වටිනාකම දන්නේ වැවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු.නමුත් වැව ගැන නොදන්න මිනිස්සු වැව විනාශ කරනවා.ඒ නිසා බලධාරින් මේ පිළිබදව වහාම හොයලා බලලා ඊට අවශ්‍ය කටයුතු කරන්න ඕන යනුවෙන් නාහිමිපානන් පැවසුහ.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories