පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් කිරීමට කටයුතු කරන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

තල් යොදාගෙන පෞද්ගලික සමාගමක් විසින් නිපදවන ලද අයිස්ක්‍රීම් වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (02 වැනිදා) පැවැති වැඩසටහනකදී ඇමැතිවරයා මේ බව කීවේය.

මෙහිදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීම, රූපලාවණ්‍ය නිෂ්පාදන කටයුතු සිදු කිරීම, සෝස් වර්ග නිපදවීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් සමග ගිවිසුම් අත්සන් කිරීමද සිදු කෙරුණි.

 

More Stories