ගොවිතැන් කටයුතු සදහා කුඹුරට ගොස් නැවත නිවසට එමින් සිටි මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පදිංචි පිය පුතු යුවලක් බුරවි සුළි කුණාටුවට හසුවි තුවාල ලබා රෝහල්ගතකර ඇති බව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර් යාලය පවසයි.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හිරල්ලුගම තුලානේ පාඩික්ගම පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.කුඹුරට ගොස් නැවත නිවසට යමින් සිටියදි ඔවුන් ගමන්කල අතුරු මාර්ගයේවූ විශාල හුරිමාර ගස දරුණු සුළගට හසුවි ගමන්කල පාපැදිමතට කඩා වැටීමෙන් අනතුර සිදුව තිබෙනා අතර ඊට යටවු පියා හා පුත්‍රයා තුවාල ලබා තිබේ.

ඔවුන් ඊයේ (03දා) උදෑසන කුඹුරේ වතුර හැරවීමට ගොස් නිවසට එදිද් හදිසියේම විශාල සුළගක් හමාවිත් තිබෙනා අතර අඩි විස්සක් පමණ උස හුරිමාර ගස හදිසියේම ඔවුන්ගේ පාපැදිමතට කඩා වැටි තිබේ.අනතුරෙන් 17 හැවරදි පුත්‍රයා හා ඔහුගේ 50 පියා තුවාල ලබා තිබෙනා අතර තුවාල කරුවන් ප්‍රතිකාර සදහා මැදවච්චිය රජයේ රෝහලට ඇතුලත්කර තිබේ.

පියාට බරපතල තුවාල සිදුවි නැතත් පුත්‍රයාට අනතුර හේතුවෙන් උදරය අභ්‍යන්තරයට හානි සිදුවි ඇති බවට වෛද්‍යවරුන් සැකකරනා අතර ඔහුගේ දෑස් පෙනීම අඩුවි ඇති බවත් පවසයි.මේ හේතුවෙන් තුවාල ලැබු තරුණයා වැඩිදුර ප්‍රතිකාර සදහා වව්නියාව රජයේ රෝහලට ඇතුලත් කිරීමට මැදවච්චිය රෝහල කටයුතු කර ඇත.

සිද්ධිය සැලවීමත් සමග අනුරාධපුර නුවරගම් පළාත් ප්‍රාදේශිය මහ ලේකම් හා මැදවච්චිය වැඩබලන ප්‍රාදේශිය මහ ලේකම් රුවන් ඒකනායක මහතා සිද්ධියවු ස්ථානයට ගොස් ඇති අතර ඔවුන්ගේ ජීවිත අනුනමයෙන් බේරි ඇති බව පැවසුවේය.17හැවරදි තරුණයා ගමන්කල පාපැදියේ පිටුපස කොටසට ගසේ කද කොටස පතිතව තිබු බව ඒ මහතා පැවසුවේය.

තුවාල ලැබු දෙපළ ගම්මානයේ වෙසෙන ඉතා දුප්පත් පවුලක අයවළුන් වන අතර ඔවුන්ගේ පාපැදි දෙකට බරපතල හානි සිදුව තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories