හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල මේ වන විට කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරිමට පියවර ගෙන තිබුනද සමහර පුද්ගලයන් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග නැවත මෙම ප්‍රදේශය තුල කොවිඩ් 19 පැතිරයාමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් 19 දෙවන රැල්ලත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුලද කොවිඩ් 19 අසාදිතයන් හමුවු බවත් එම අවස්ථාවලදි හැටන් පොලිසියේ නිලධාරින්ගේ හා නගර සභාවේ මහජන සෞඛ්‍ය අංශයේ නිලධාරින්ගේ දැඩි කැපවිම මත මේ වන විට මෙම බල ප්‍රදේශයේ කොවිඩ් 19 පැතිරයාම වලක්වා ගැනිමට හැකිවු බවත්ය.

එහෙත් මේ වන විට මෙම බල ප්‍රදේශයෙන් පිටස්තර ප්‍රදේශවල කොවිඩ් 19 හේතුවෙන් ස්වයං නිරෝධානයට ලක් කර ඇති සමහර පිරිස් මෙම නගරයට පැමිනිම, නිසි සෞඛ්‍ය උපදෙස් නොතකමින් සමහර පුද්ගලික බස් රථ වැඩි පුර මගින් ප්‍රවාහනය කිරිම්, නිසි ලෙස මුඛ ආවරණ පැලදිමකින් තොරව සමහර පිරිස් මෙම ප්‍රදේශයට පැමිනිම වැනි හේතුන් මත නැවත මෙම ප්‍රදේශය තුල කොවිඩ් පැතිරයාමේ අවදානමක් පවතින බවද ඔහු පවසන ලදි.

නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිමකින් තොරව ඉහත කරුනු සිදුවන බවට තමන්ට තොරතුරු ලැබෙන බවත් එම තොරතුරු පිලිබදව වැඩි දුරටත් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් තම නිලධාරින්ට උපදෙස් දි ඇති බවත් මෙම කොවිඩ් 19 වසංගතය නගර සභාවට හෝ පොලිසියට පමනක් විසදිය නොහැකි බවත් මේ සදහා සියලුම දෙනාගේ සහාය අවශ්‍ය බවත් ඔහු පවසන ලදි.

එම තත්වයන් මත මෙම ප්‍රදේශය කොවිඩ් 19  වසංගතයෙන් තොර කලාපයක් බවට පත් කර ගැනිම සදහා අවශ්‍ය සහාය ලබා දිම මෙන්ම නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිම මෙහි වෙසෙන හා මෙහි පැමිනෙන සියලුම දෙනාගේ වගකිමක් බවද සඩයන් බාලචන්ද්‍රන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories