දික්ඔය වනරාජ නිව්වැලි ප්රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්රදේශවල ජිවත්වන ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්රදේශවල සිටින පිරිසක් පවසනුයේ මේ වන විට තම ප්රදේශවල දිවියන් කිප දෙනකුම සැරි සරන බවත්ය.
මේ වන විට තම නිවෙස් වල ඇති කරන සුනඛයන් කුකුලන් වැනි සතුන් හිටි හැටියේ අතුරු දහන් වන බවත් එම සතුන් මෙම දිවියන් විසින් රැගෙන යන බවට සැක කරන බවත්ය.
මෙසේ මෙම දිවියන් සවස් කාලයේ හා රාත්රි කාලයේ තම නිවෙස් අසල සැරි සරන බවත් මෙම තත්වයන් මත රාත්රි කාලයේ හදිසියකට හෝ නිවසින් එලියට බැසිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති.
මෙම දිවියන්ගෙන් තමන්ට යම් හිරිහැරයක් විමට පෙර මෙම දිවියන් මෙම ප්රදේශයෙන් රැගෙන යාමට පියවර ගන්නා ලෙස වන ජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් තව දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා