law

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයෙකුගේ මෘත දේහය ඥාතින්ට බාරදීම රෝහලෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා වහාම එම සිරුර ඥාතින්ට බාර දෙන ලෙස දන්වමින් පුත්තලම දිසා මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ (වැඩ බලන) දුලාන් වීරවර්ධන මහතාට නියෝග කර තිබේ.

අංක 29/01 මහපල්ලිය පාර පුත්තලම ලිපිනයේ පදිංචිව සිටි 60 හැවරදි මුස්ලිම් ජාතිකයෙකු පසුගිය (16දා) ජීවිතක්ෂයට පත්වු අතර ඉකුත් (6දා) පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමෙන් පසුව සිරුර ඥාතින්ට මුදාහරින ලෙස අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක (මුස්ලිම්) අයිනුල් හක් මොහොමඩ් මුසම්මිල් මහතා අධිකරණ වෛද්‍ය කාර්යාලයට නියෝග කර තිබුණි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම් සේනානායක මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණය හා හදිසි මරණ පරික්ෂණයක් සිදුකර මරණයට හේතුව වශයෙන් කොවිඩ් නියුමෝනියාව තත්වය බව වාර්ථා කර මරණය මුදාහැරීමට නියෝග නිකුත් කර තිබුණි.

එහෙත් අදාල මරණය පෙරේදා (8දා) වනවිටත් මුදාහැරීමට අධිකරණ වෛද්‍ය කාර්යාලය පියවර නොගැනීම නිසා මරණකරුගේ සහෝදරයෙකු විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව පුත්තලම පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර තිබුණි.

පසුව වහාම එම මෘත දේහය මරණකරුගේ සහෝදරයාට ඊයේ (9දා) මුදාහරින ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශයන්ට අනුව එම සිරුර ඔට්ටමාවඩි ප්‍රදේශයේ මිහිදන් කරනා ලෙසත් නියෝග කර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය


blue, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news

More Stories