රිටිගල අධි පුරාවිද්‍යා රක්ෂිතයට නුදුරින් පිහිටි හුරුලුවැව පතහා යාය ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුව විනාශවියාමේ දැඩි අවදානමකට ලක්වි ඇතත් පුරාවිද්‍යා බලධාරින්ගේ අවධානය යොමුවි නැති බව ප්‍රදේශවාසින් පවසති.

හුරැලුවැවට පතහා යාය යාං ඔය ප්‍රදේශය ආසන්නව පිහිටා ඇති අතර පුරාණ සොහොන් බිමක් කියනා ස්ථානයක්ද දක්නට ලැබේ.ඊට අමතරව ගරාවැටෙමින් පවතින චෛත්‍යක නටඹුන් තැනින් තැන දක්නට ලැබේ.පුරාවිද්‍යා භූමියේ එක් ස්ථානයකට කිසියම් යුගයක භාවිතා කළ බවට සැකකළ හැකි පොකුණකට සමාන ස්ථානයක් දක්නට ලැබේ.

අද වන විට මෙම ස්ථානය ඝණ කැලෑවක් බවට පත්වි තිබෙනා අතර මේ හේතුවෙන් ස්ථානයේ පිහිටි වටිනා පුරුවිද්‍යා සාධක හදුනා ගැනීමේ අපහසුතාවක් පැනනැගි තිබේ.රජසමයේ භික්ෂූන් වහන්සේලා ආගමික වතාවත් කළ බවට සැකකළ හැකි සිමාලකයක් පැහැදිලිව දක්නට ලැබේ.

පුරාවිද්‍යා ස්ථානයක් බවට සැකකරනා බිමේ ඉපැරණි ගල් කනුවලි ඉදිකල ගරාවැටුණු ගොඩ නැගිල්ලක කොටසක් දක්නට ලැබෙනා අතර බිමේ පිහිටි විවිධ කළු ගල් වලට නිදන් සොරුන් විසින් හානි සිදුකර තිබෙනා අයුරු නිරික්ෂණය විය.

නිදන් හෑරිමේ නිරත පිරිස් මෙම ප්‍රදේශයේ ස්ථාන රැසක කැනීම් සිදුකර තිබෙනා අතර නිදන් සොරුන් බවට සැකකරනා පුද්ගලයන් විටින් විට ප්‍රදේශයට රිංගා ගන්නා බව ගම්වැසියන් පැවසුහ.

වසර දහස් ගණනක් පැරණි බවට සැකකරනා මෙම ප්‍රදේශය පුරාවිද්‍යා නිලධාරින්ගේ අවධානයට ලක්වි නැති අතර අතරමංවූ ගවයන් බැලිමට ගිය පිරිසකට පුරාවිද්‍යා ප්‍රදේශය හමුවිමෙන් පසුව මාධ්‍ය දැනුම්වත් කෙරුණි.

මෙම ස්ථානය නිසි බලධාරීන් අවධානයට ලක්නොවුවත් අවසානාවකට මෙන් නිදන් සොරුන්ගේ අවධානයට ලක්ව අවසන්ය.ප්‍රදේශවාසින් කියා සිටින්නේ පුරාවිද්‍යා සාධක රැසක් ඇති මෙම ස්ථානය කඩිනමින් සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බවයි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories