parakkarama samudraya

තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු තුන්වන දිනටත් විවෘත කර තැබීමට සිදුවන බව එහි වාරි මාර්ග ඉන්ජිනේරු අසේල උදයංග මහතා පවසයි.

ඒ අනුව ඊයේ (11) වන විට එහි වාන් දොර‍ටු 10ම විවෘත කර ඇති බවත් වාන් දොර‍ටු 8ක් අඩි දෙක බැගින් ද වාන් දොර‍ටු දෙකක් අඩි අට බැගින් ද විවෘත කර ඇති බවත් ඉන් තත්ත්පරයට ගන අඩි3672ක් මුදා හැරෙන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මේ හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යට විය හැකි බවත් එම මාර්ගය පරිහරණය කරන්නන් සැලකිලිමත් වන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියි.

ඓතිහාසික සෝමාවති පුදබිම් මාර්ගය ස්ථාන කිහිපයකින් ම ජලයෙන් යට වීම නිසා පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුංගාවිලින් වසා දැමීමට කටයුතු කළ බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories