තිස් වසරක් තිස්සේ පුරන්වෙමින් තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වු බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ “ සෝජාන් “ ක්‍රමයට වගා කරන්නට ඉඩ පහසුකම් ලබාදෙන්නැයි බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ ගොවින් ඉල්ලති.
බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයට අයත් ඉත්තෑපාන, ලූල්බද්දුව ප්‍රදේශයේ 2014 වර්ෂයේ ආරම්භ කළ “ලූලුබද්දුව සෝජාන් ව්‍යාපෘතියේ“ ඇළ වේළි සකසා ගොඩ බෝග වගා කරන්නට ඉඩ ලබාදෙන්නැයි ගොවින් බලධාරින්ගෙන් ඉල්ලති. වාරිමාර්ග දෙපාර්තමේන්තුව,ගොවිජනසේවා දෙපාර්තමේන්තුව, වළල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ඇතුළු ආයතන රැසක් එක්ව රුපියල් ලක්ෂ ගණනක් වැයකර අක්කර හතරක ගොවින් 26 දෙනෙකුට“ සෝජාන් “ ක්‍රමයට එළවළු වගා කරන්නට ආරම්භ කල මෙම ව්‍යාපෘතිය 2019 වසර දක්වා ඉතා සාර්ථකව පැවතියත් ජලය බැසයන ජල පාලන සොරොව් අක්‍රිය විම නිසා ගංවතුරින් තම වගා සියල්ල විනාශ වු බව ගොවින් කියති.
ඉත්තෑපාන, ලූල්බද්දුව 780 ග්‍රාමසේවා වසමේ පමණක් වී වගා කළ නොහැකි අක්කර 200 ක් වසර තිහකට වැඩි කාලයක සිට පුරන්ය. බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයට අයත් කර දිය ගැලිම නිසා වී වගා කළ නොහැකි ව දශක තුනක් තිස්සේ පුරන්වන බිම් ප්‍රමාණය අක්කර 1215 කි
සෑම මැතිවරණ සමයකදිම කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ අපේක්ෂකයින්ගේ ප්‍රකට ඡන්ද පොරොන්දු අතර බෙන්තර ගග දකුණු ඉවුර ව්‍යාපාරයේ දශක තුනක පුරන් කුඹුරු යළි අස්වැද්දීමප්‍රධාන තැනක් ගනියි . ඡන්දයෙන් පසු ගොවීන්ගේ මනාපයෙන් සරුවන දේශපාලඥයෝ පැර්ලිමේන්තු, පලාත් සභා, ප්‍රාදේශිය සභාවලට යන අතර පුරන් කුඹුරුවල දියපර, දිය කදුරු, රණවරා, කිරල,හා කඩොල් ඇතුළු වනය සරුවට වැවේ.
දශක තුනක් තිස්සේ කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය දේශපාලන පොරොන්දුවලින් සරුවට කැලෑවට යන බව ගොවින් කියති. මේ අතර වරින් වර ගොවිජනසේවා දෙපාර්තමේන්තුව, මධ්‍යම රජයේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ ගණනක් වැයකර ඇළවල් කිපයක් කපා යළි කැළයටම බාර දෙති. බෙන්තර ගග දකුණ සහ වම් ඉවුර ව්‍යාපාරවලට අයත් කුඹුරු අක්කර 18000 කට ආසන්න ප්‍රමාණය කරදිය ගැලිම නිසා දශක තුනක් තිස්සේ පුරන්ය.
දශක තුනකට පෙර බෙන්තර ගගේ කරදිය පාලනයට යොදා තිබු ස්වාභාවික ජල පාලන ඇණිකට් දිරා විනාශ විමෙන් පසු වසර තිහක් යනතුරු එම ඇණිකට් ප්‍රතිසංස්කරණය කර, ඇළ වේළි කපා කරදිය පාලනය කර ගොවින්ට වී වගා කරන්නට අවස්ථාව ලබාදෙන්නට මේතාක් ගොවිතැන වෙනුවෙන් ජනතා මුදලින් යැපෙන දේශපාලනඥයින්ටත් ,නිළධාරින්ටත් නොහැකිවි තිබේ.
බෙන්තර ගග වම් ඉවුරේ පුරන් කුඹුරු පිළිබද කොළඹ විශ්ව විද්‍යාලය මගින් පසුගිය වසරේ සිදුකළ අධ්‍යයනයකින්ද හෙළිව ඇත්තේ දිගු කලක් කරදිය ගැලිමෙන් පාංශු අංශු අතර ලවන අංශ තැන්පතවිම නිසා මෙහි වගා කළ හැකි වන්නේ ලවන තත්වයට ඔරොත්තුදෙන වගාවන් බවය.
දශක තුනක් තිස්සේ ගොවින් තම අත්දැකිමෙන් කීවේද කරදියට ඔරොත්තු දෙන පොල්,කුරුදු, අන්නාසි වැනි බෝග වගාවට අවසර දෙන ලෙසයි. නමුත් පුරන් කුඹුරු නිසා ගොඩ බෝග වගාවට අවසරදිය නොහැකි යයි ගොවිජන සේවා නිළධාරින් ගොවින්ට තහනම් පනවා තිබේ. එහි ප්‍රතිඵලය පුරන් කුඹුරු මහා කැළෑ දක්වා වර්ධනයවිමය.
ශ්‍රිලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් සභාපති,- ඒ.පී. අමරදාස මහතා.
මේ පුරවන් යාය පිළිබද අවස්ථා ගණනාවකදි බලධාරීන්ට කරුණු කිව්වා. ලූල්බද්දුව කොටසෙ විතරක් වී වගා කල නොහැකි අක්කර 200 කට වඩා තියෙනවා. 2014 වර්ෂයෙදි “සොජාන්“ ක්‍රමයට ඇළවල් හතක් කපල අක්කර හතරක ගොවීන් 26 දෙනෙකුට එළවළු වගා කරන්න අවස්ථාව ලැබුණා. ඒක බාරව කටයුතු කලේ මගේ සභාපතිත්වයෙන් යුතු ගොවි සංවිධානයයි.
එළවළු, අල බතල, පලා වර්ග, පළතුරුවගා කළා. එම අස්වැන්න අලෙවියට පාර දෙපැත්තෙ අළුතින් වෙළදසල් පවා ආරම්භකළා. නමුත් අපි ඉල්ලුවෙ පොල්, කුරුදු, අන්නාසි වගේ ගංවතුරට එක පාරටම විනාශ නොවන වගා සදහා අවසර දෙන්න කියලයි. නමුත් ඒක කෙරුණෙ නෑ ගංවතුරට සියලු ළුලවළු වගා විනාශ වුණා. ලක්ෂ ගණනක් වැය කළ ව්‍යාපෘතියත් ඉවරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැත්තුමා පසු ගිය සතියෙ අපව කැදෙව්වා. වි වගා කළ නොහැකිව වසර 30 ක් පුරන් යාය ‘සෝජාන්“ ක්‍රමයට ඇළ කපල පොල්, කුරුදු, අන්නාසි වැනි බෝග වගාවට එහිදි ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ලුවා. එතුමා අපේ අදහස අනුමත කලා. ඒ අනුව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව වහා කටයුතු කලොත් මේ සියළු පුරන් ඉඩම් වගා බිම් වෙනවා.
ජයන්ත කිත්සිරි මහතා.
ඇළ කපල නියර හදල ඒකෙ වගාකරන සෝජාන් ක්‍රමයට මමත් වගා කළා. නමුත් වතුරට යටවෙලා විනාශ වුණා.පොල්, කුරුදු, අන්නාසි, අඹ, රඹුටන් වගේ දේවල් හොදින් වගා කරන්න පුළුවන්. ගොවිජනසේවා එකෙන් ඒව වගාකරන්න අවසර දෙන්නෙ නෑ. දැනටත් මිනිස්සු ගහ දෙක තැන තැන හිටවල හොදින් හැදිල තියෙනවා.
එස්. පොද්දෙණිය – මීගහතැන්න
epaper the news, epaper today, headlines newspaper, i newspaper, in the papers today, newspaper headline today, newspaper near me,
newspaper old, www newspaper,