දශක හතරක කාලයක් තිස්සේ පැවති කිසිදු ආණ්ඩුවක් ගනේවල්පොල දාච්චිහල්මිලෑව දක්වා මාර්ගය නිසියාකාරව ප්‍රතිසංස්කරණය සිදුකර නොමැතිවිම නිසා මාර්ගය දැඩිව අබලන්වි ඇති බව කියමින් ගම සමග පිළිසදරක් වැඩ සටහන සහභාගිවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිමට පාදයක් අහිමි අබාධිත යුදහමුදා විරුවෙකු ඊයේ (04) නිදහස් දා සිය පාගමන ආරම්භ කළේය.

ගලෙන්බිඳුනුවැව ඉහළ ගල්කුලම පදිංචි 36 හැවරදි දෙදරු පියකු වන තරංග ජයවර් ධන මහතා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනාවනේ අනතුරුව ගලෙන්බිදුණුවැව නගරයෙන් පාගමන ආරම්භ කළ අතර යුද්ධය පැවති සමයේ ත්‍රස්තයන් එල්ල කළ දරුණු ප්‍රහාරයකින් ඒ මහතාගේ දකුණු පාදය අමිව තිබේ.

අත්වාරු වලින් ගමන් කරනා රණවිරුවා ගලෙන්බිදුණුවැව සිට අබලන්ව ඇති දාච්චහල්මිල්ලෑව මාර් ගය ඔස්සේ ගමන් කර මොරගහකන්දට ලගාවිමට නියමිතය.

පයින්වත් ගමන් කළ නොහැකි කිලෝ මීටර් 40 පමණ මුළු මනින්ම අබලන්ව ඇති මාර් ගය දේශපාලන අධිකාරියේ හා රජයේ උසස් නිලධාරීන්ට නැවත ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස අවස්ථා ගණනාවකදී ප්‍රදේශවාසීන් වාචිකව හා ලිඛිතව දැනුම් දුන්නත් ඊට කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් මග භාවිතා කරන පිරිස් පත්ව ඇති දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින් ආබාධිත රණවිරුවා පාගමන ආරම්භ කළේය.

පාගමන අතර තුර පිළියෙල කර ගනු ලැබූ පෙත්සමක් අත්සන් ලබා ගනිමින් පාගමනේ ගොස් අද (5දා) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව මොරගහකන්ද ගම සමග පිළිසදරක් වැඩසටහනේදි හමුවිමට ඔහු අපේක්ෂා කරයි.

ඊයේ (4දා) උදෑසන 10.30 ට ගලෙන්බිඳුනුවැව නගරයෙන් මෙම පාගමන ආරම්භ කර නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් හා මාර් ගය භාවිතා කරන පිරිස් වලින් අත්සන් ලේඛනයක් ලබා ගන්නා බව ඔහු පැවසුවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories