පාලින්දනුවර හැඩිගල්ල රක්ෂිතයේ පුවක්දොළ කලු වලේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නිධන් හෑරීමට යොදා ගත් උපකරණද සමග  අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකකියයි.

වීදිය බණ්ඩාර පාලන සමයට අයත්යැයි සැලකෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පුරා වස්තු ඇති බවට සැක කරන පුවක්දොළ කළු වල ප්‍රදේශයේ ගල් බෝරයක්ද දමා පුද පූජා සිදුකර නිධානය ගැනිමට සූදානම්වූ අවස්ථාවේදි සිදුකළ වැලීමෙන් පිය පුතු තිදෙනෙකු සමග පුද්ගලයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

නිධන් හෑරීමට යොදාගත් ආයුධ, ත්‍රිශූලයක් , යන්ත්‍ර මන්ත්‍ර පොත් කීපයක්, මල් බුලත්තටු, තොවිලයකදි භාවිතාකරන කට්ටඩියෙකුගේ ඇදුම් ඇතුළු භාණ්ඩ පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් පැමිණි මෝටර් රථයක්, ද පොලිස් බාරයට ගෙන ඇත.

බදුරලිය, හැඩිගල්ල ප්‍රදේශයේ පදිංචි පිය පුතු තිදෙනෙක් හා මාතර ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකු මෙසේ අත් අත් අඩංගුවට ගෙන ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී නිධානය ගැනිමට පුද පුජා සිදුකල කට්ටඩියා පැන ගොස් ඇතැයි පොලීසිය කියයි. සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇත. බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

More Stories