social-media

ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට 2019 වසරේ පමණක් සයිබර් ආරක්ෂණය සම්බන්ධව සිදු වීම් 3347 ක් වාර්තා වී තිබේ.

ලිපි ගොනු ප්‍රතිසාධනය (file recovery), සේවා අකර්මණ්‍ය කිරිමේ ප්‍රහාර, රැන්සම් මෘදුකාංග, ආපයෝජන/ පුද්ගලිකත්ව ගැටලු, මෘදුකාංග ගැටලු, මුල්‍ය/ විද්්‍යුත් තැපෑල සම්බන්ධ වංචා, දුරකථන  හැක් කිරිම්, වංචනික පණිවිඩ, රහස්‍ය තොරතුරු වංචා, වෙබ් අඩවි නිරාවරණය වීම්, විද්්‍යත් තැපෑල හැක් කිරිම්, බුද්ධිමය දේපල උල්ලංඝනය, සර්වරය නිරාවරණය වීම, සමාජ ජාල හා වෙනත් යටතේ මෙම සිදුවීම් වාර්තා වී ඇත.

මෙහිදි වැඩිම සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙනි. ඒ් 2478 ක් බව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නවතම වාර්තවේ සඳහන් කර ඇත.

ශානි

More Stories