uddam

ඉහළම උද්ධමනයක් සහිත දකුණු ආසියාතික රටවල් අතරින් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇත.

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර 12 වැනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි “ට්‍රෙඩින් ඉකොනොමික්ස්” වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ මෙරට ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2021 වසරේ නොවැම්බර් මාසයේදී පැවැති සියයට 16.9 උද්ධමනය එම වසරේ (2021) දෙසැම්බර් මාසයේදී සියයට 21.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

කෙසේ වෙතත් මේ වනවිට රටේ ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කරගත නොහැකිව දිනපතා එළවළු කිලෝ දස දහස් ගණනින් ඉතිරිවන බව ඒවායේ කළමනාකාරවරු පවසති.

More Stories