ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි ආර්.එම් කුසුමාවතී හෙවත් “සඳමාලි” නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියාව, පූවාස්කුලම් පොලීසිය සමත්ව තිබෙනවා.

මෙම කාන්තාව සම්බන්ධව පසුගිය පෙබරවාරි මාසයේදි මෙරට ජනමාධ්‍යවල පලවූ ප්‍රවෘත්ති හා හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් ලද තොරතුරු මත මෙම කාන්තාවගේ මිනිස් ජාවාරම් පිළිබඳව තොරතුරු හෙලිවී තිබේ.

සැකකාර කාන්තාව හා තවත් පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර තරුණ රූමත් කාන්තාවන්ට රැකියා ලබා දෙන බව පවසා ඔවුන් මානයට රැගෙන ගොස් එහිදී එරට සුල්තාන්වරුන්ට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

Similar Posts