මහා පරිමාන කසළ තේ ජාවාරම් කරුවන් විසින් ප්‍රවාහනය කරමින් තිබු කසළ තේ කිලෝ 1209 ක් සමඟින් එක් පුද්ගලයෙකු ඉමදුව පොලිසිය මඟින් 01 දින අත්අඩංගුවට ගෙන ඇත.

මහා පරිමාන කසළ තේ ජාවාරම් කරුවන් විසින් බෙදා හරිනු ලබන බවට සැක කරන මෙම කසළ කිලෝ1209 ක් සහ ලොරි රථය ගාල්ල ඕපාත ප්‍ර දේශයේ සිට පොලිස් ස්ථාන හා නිලධාරීන් මඟහරිමින් අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුලත් කර කොළඹ හෝ අම්බලන්ගොඩ ප්‍රදේශවෙත ගෙන යාම සැලසුම් කර තිබු බව පොලිසිය සිදුකරන ලද මුලික් පරීක්ෂණ වලදී හෙලි වී ඇත.

අදාල කසළ තොගය පිළිබදව පොලිසියට ලැබුණු තොරතුරක් මත ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ , ගාල්ල කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධීකාරී විකුම් ගිනිගේ හා සහකාර ගාල්ල දිසා පොලිස් අධිකාරී උදයකුමාර යන මහත්වරුන් ගේ උපදෙස් මත දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පොලිස් මාර්ග බාධක යොදමින් වාහන පරීක්ෂාව සිදුකල ඇති අතර මේ නිසාම ඕපාත ප්‍ර දේශයේ සිට අදාළ පොලිස් මාර්ග බාධක මඟහරිමින් අදාල කසල තේ කිලෝ 1209ක් සහිත ලොරි රථය ඉමදුව අධීවේගී පිවිසුම අසලට පැමිණ ඇත.

එහිදී ඉමදුව පොලිස් මාර්ග බාධකයේ සිටි ඉමදුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුලසේන,උ.පො.ප. බන්දුසේන, පො.සැ. 58852 ජානක, පො.සැ. 58854 ගාමිණී, පො.සැ. 44171අමීර් යන අය අදාළ ලොරි රථය පරීක්ෂා කර ඇති අතර එහි දී එම ලොරි රථයේ රියදුරු මහතා පවසා ඇත්තේ අපනයන මට්ටමේ තේ තොගයක් කොළඹ බලා රැගෙන යන බවයි.

අදාළ කසළ තේ තොගය අපනයන මට්ටමෙන් හොදින් අසුරා ලොරි රථයේ තිබී තිබුණ ද මේ සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය අදාළ බෑග් (අසුරන) පරීක්ෂා කිරීමේ දී එම තේ කසළ තේ බව හදුනාගැනීමෙන් පසුව රිදුරු හා ලොරි රථය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 02 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

More Stories