TikTok App  එක අද වෙද්දී ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන short video sharing platform එකක් බවට පත් වී අවසන්’ මේ වෙද්දී මෙහි download count එක මිලියන 660ක් පමණ වෙන බව තමයි වාර්තා වෙයි. නමුත් මේ app එක විටින් විට විවිධ හේතු මත රටවල් ගණනාවකින් තහනමට ලක්වුණු app එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනයත් ඔවුන්ගේ රටවල සංස්කෘතීන් වෙත හානි සිදුවීම, sexually explicit content, cyberbullying නුසුදුසු අසැබි දේ අන්තර්ගත වීම  නිසා රජයන්ට එල්ල චෝදනා නිසා එම රටවල TikTok තහනම් විය.

TikTokවලට විරුද්ධව ඇමෙරිකානු සෙනෙට් සභික Marco Rubio එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ ආයෝජන කමිටුව (Treasury Department’s Committee on Foreign Investment in the United States – CFIUS) වෙත ලිපියක් යවමින් චීන රජයට පක්ෂපාතීව විවිධ content ඉවත් කිරීම පිළිබඳව සමාලෝචනයක් සිදුකරමින් පර්යේෂණයක් පැවැත්විය යුතු බව සඳහන් කර ඇත

More Stories