වන සතුන්ගෙන් ගහන කැලෑවක් මැද පිහිටි ලංකාවේ විශාලම අඹ වත්ත  සොයා අපි ගියෙමු.

තණමල්විල, වන්දම ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට යාබදව  මෙම අඹ වත්ත  පිහිටා ඇත.

එහි හිමිකරු නානායක්කාර මහතා යි.

විශාල ගස් ආරක්ෂා කරමින් වන ලැහැබ එළිපෙහෙළි කළ මොහු 2013 වසරේදී වගාව ආරම්භ කර ඇත.

නමුත් අක්කර 300කට වැඩි වූ මේ වගාවට  ජලය යෙදීම ඉතාම දුෂ්කර කටයුත්තක් විය. ඒ ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාළගුණික තත්ත්වය සහ නිරන්තරයෙන් හමන සුළඟ නිසාය.

බළධාරීන් නිහඩව සිටියත් මොවුන් විශාල වැවක් ඉදිකිරීම සඳහා දැනටමත් පියවර ගෙන අවසන්ය.

වසර 7කට පසු මෙම ව්‍යාපාරිකයා දුටු සිහිනය සැබෑ වී තිබෙන ආකාරය එහි යන ඕනෑම කෙනෙකුට දැකගත හැකිය.

https://www.crossbrand.lk

More Stories