හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිසුවියන් දෙදෙනකුට උණ රෝගය වැලදිමත් සමග ඇතිවු සැකයක් මත එම සිසුවියන් දෙදෙනා දික්ඔය මුලීක රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි.

මෙම සිසුවියන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිට පසු ගිය 12 හා 15 යන දිනවලදි මෙම විදහල ආසන්නයේ පවත්වාගෙන යන කාන්තා නේවාසිකාගාරයට පැමින ඇති බවත් එම තත්වයන් මත මෙම සිසුවියන් දෙදෙනාට කොවිඩ් 19 ආසාදිතවි ඇද්ද යන්න පිලිබදව සොයා බැලිම සදහා රැපිඩ් ඇන්ටජින් පරික්ෂාවක් සිදු කිරිමට මෙම සිසුවියන් දෙදෙනා මෙසේ  දික්ඔය මුලීක රෝහලට ඇතුලත් කල බවද ඔහු පවසන ලදි.

කෙසේ වුවත් පවතින සැකය මත එම කාන්තා නේවාසිකාගාරයේ සිසුවියන් 20ක් කන්‍යා සොහොයුරියන් දෙදෙනකු හා එහි සේවිකාවන් දෙදෙනකු ස්වයං නිරෝදානයට ලක් කිරිමට පියවර ගත් බවද ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මිය පවසන ලද්දේ තම විදුහලේ 10 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකුට වැලදුන උණ රෝගයක් හේතුවෙන් එම සිසුවියන් දෙදෙනා දික්ඔය මුලීක රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම සිසුවියන් දෙදෙනා මෙම විදුහල ආසන්නයේ පවත්වාගෙන යනු ලබන කාන්තා නේවාසිකාගාරය නවාතැන් ගෙන ඇති බවත් එම නේවාසිකාගාරය මෙම විදුහල මගින් පාලනය නොකරන බවත් එය වෙනම කන්‍යා සොහෝයුරියන් විසින් පාලනය කරනු ලබන ආයතනයක් බවද වීරතුංග මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.

එම සිසුවියන් දෙදෙනාට කොවිඩ් 19 ආසාදනයවි ඇත්ද යන්න දැන ගැනිමට හැකිවනුයේ දික්ඔය රෝහල මගින් කරනු ලබන පරික්ෂනවලින් පසුව බවද එම මත්මිය තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories