සෞඛ්‍ය නිර්දේශ නොමැතිව පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවු රඹෑව ප්‍රාදේශිය සභාවේ වැඩ බලන සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මනාල යුවල ඇතුළු තවත් පුද්ගලයන් 45 දෙනෙකු කොවිඩ් 19 අවධානම හේතුවෙන් නිවෙස් වල ස්වයං නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ ලංකා ගමණ ගමන මණ්ඩලයේ රියදුරෙකු රඹෑව නගර ආසන්නයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගිව ඇති අතර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාධනයවි ඇති බව අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්විමෙන් පසුව මන්ත්‍රීවරුන් පස්දෙනා ඇතුළු 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

රඹෑව ප්‍රාදේශිය සභාවේ වැඩ බලන සභාපතිවරයා ඇතුළු පිරිස හා පවුල් 15ක පමණ පුද්ගලයන් 45ක පමණ ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිවරයාව කිසිදු දැනුම්වත් කිරීමක් නොමැතිව මෙම විවාහ මංගල උත්සව උත්සව ශාලාවක පවත්වා තිබෙන අතර පැමිණි පිරිස හරි හැටි අනාවරණය කර ගැනිම පවා සෞඛ්‍ය අංශ වලට නොහැකිවි තිබේ.

ලංගම රියදුරා සමග ඉතා සමීපව සිට මත්පැන් දුම්වැටි පානය කළ මන්ත්‍රීවරුන් පස්දෙනා ඇතුළු පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන අතර ඔවුන් ඉදිරියේදි පී.සී.ආර් රැපිඩ් ඇන්ටිජන පරික්ෂන සදහා යොමුකිරීමට නියමිතය.

ආසාධිත ලංගම සේවකයා අනුරාධපුර පිහිටි මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ප්‍රතිකාර සදහා යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories