හැටන් නගරයේ සමහර පිරිස් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් 19 වසංගතය හිස එසවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ සමහර පිරිස් පවසති.

හැටන් නගරයේ සමහර පදික වෙලදුන් ඇතුළු සමහර පිරිස් මුඛ ආවරණ නොමැතිව සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හැටන් පොලිසියේ නිලධාරින් කොවිඩ් වසංගතයෙන් මෙම ප්‍රදේශයේ ජනතාව බේරා ගැනිම සදහා විටින් විට විවිධ ආකාරයෙන් උපදෙස් ලබා දුන්නද සමහර පුද්ගලයන් එම උපදෙස්වලට පිටු පාමින් කටයුතු කිරිම කනගාටුවට කරුනක් බවද ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති.

මුඛ ආවරණ නොමැතිව නගරයේ පදික වෙලදාම් කරන පිරිස්වලින් හැටන් නගරයේ කොවිඩ් අවදානම ඉහල යාමේ අවදානම වැඩි වශයෙන් පවතින බැවින් මුඛ ආවරණ නොමැතිව වෙලදිම් කරන පදික වෙලදුන් එම ස්ථානවලින් ඉවත් කිරිමට පියවර ගන්නේ නම් එය නගරයේ සියලුම දෙනාට කරනු ලබන විශාල සහනයක් බවද ප්‍රදේශයේ ජනතාව වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories