මේ වන විට පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ජනතාව වැඩි ලෙස දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ අද දවසට තුන් වේල තියා එක් ‍වේලාවක් හොදට කන්න බොහෝ පිරිසකට නොහැකි තත්වයක් පවතින බව ප්‍රොටෙක් සංගමයේ උප සභිපති එම්. මෛයිදිලි මහත්මිය පවසයි.

හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 26වන දින මාධ්‍ය වෙත මේ බව පැවසු මෛයිදිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

මේ වන විට පවතින දැඩි ආර්ථික ප්‍රශ්න මත වතුකරයේ බොහෝ පිරිසක් ගෘහස්ථ කම්කරු සේවය සදහා විවිධ නිවාසවල සේවයට යනවා එත් එසේ යන බොහෝ දෙනකුට නිසි ආරක්ෂාවක් නොමැතිවිම දැඩි ගැටලුවක් ගෘහ සේවයේ යෙදි සිටියදි මිය ගිය ඉෂාලිනි, රාජ් කුමාරි වැනි අයගේ මරණයන් පිලිබදව මේ වන තෙක් නිසි පරික්ෂයක් සිදුව නැහැ.

අද සමහර නිවාසවල සේවය කරන ගෘහ සේවිකාවන් විවිධ හිංසනයන්ට පත්වන අතර මෙම තත්වයන් මත එම ගෘහ සේවිකාවන් විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙනවා එමෙන්ම මේ වන විට වතු කරයේ තරුණ තරුණියන් විවිධ වෙළද සැල්වල සේවය කරනවා එත් මේ අයට නිසි වැටුපක් නොලැබිමත් දැඩි ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ මේ අය මේ වෙළද සැල්වල උදේ සිට රාත්‍රිය වන තෙක් වැඩ කලත් ඔවුන්ට නිසි වැටුපක් ලැබෙන්නේ නැහැ.

එමෙන්ම මේ වෙළද සැල්වල සේවය කරන බොහෝ දෙනකුට අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තියන්ගේ අරමුදල් නිසි ලෙස ලැබෙන්නේ නැහැ මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ අවදානය යොමු විය යුතුයි.

දැන් ලබන මස සිට වැට් බදු වැඩි විමත් සමග විවිධ භාන්ඩවල මිල ඉහල යාමේ තත්වයක් පවතිනවා මෙම වැට් වැඩි විම මත සමහර ආහාර ද්‍රව්‍යවල මිලද වැඩි වෙනවා එවන් තත්වයන් මත මේ ජනතාවට මොනවා වෙයිද කියන එකත් දැඩි ප්‍රශ්නයක්.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories